ගිනිකොණ දිග බෙංගාල ‍බොක්ක සහ ඊට යාබදව පැවති අඩු පීඩන කලාපය, බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කර, දකුණු මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතිනවා.

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලට සහ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයට ලබන සඳුදා දක්වා යාත්‍රා නොකරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

වැලිමඩ - කිරවනාගම ප්‍රධාන මාර්ගයට කුරුඳුගොල්ල ප්‍රදේශයේදී ගසක් කඩා වැටීම හේතුවෙන් රථවාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.

කාසල්රි ජලාශය අද (21) දින පස්වරුවේ වාන් දැමිමට පටන්ගෙන ඇත.

අද සහ හෙට වැසි තත්වයේ සුළු වැඩි වීමක් අපේක්ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනට බලපා ඇති වැසි, තද සුළං සහ අකුණු අනතුරු හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක පවුල් 15,404 කට අයත්, 61,435 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

‍‍‍පළාත් කිහිපයකට මිලිමීට‍ර සියය ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, වයඹ, මධ්‍යම සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇති වන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයේ සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70 ත් දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Latest News