මේ දවස්වල කුඩයක් ඕනෙමයි

නොවැ 14, 2023
    අද උදෑසන කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය අනුව නිරිතදිග බෙංගාලබොක්ක මුහුදු ප්රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දිවයින ආශ්රිත පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවය තවදුරටත් පවතී.

    උතුරු, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්රදේශවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

    දිවයිනේ සෙසු ප්රදේශවල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
     
    බස්නාහිර, සබරගමුව,දකුණු, මධ්යම,උතුරු මැද සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.
     
    ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
    දිවයින වටා වන මුහුදු ප්රදේශවල තැනින් තැනවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
     
    සුළං ඊසාන දිශාවෙන් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී.(20-30) පමණ වේ. ත්රිකුණාමලය සිට කන්කසන්තුරය, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-55) පමණ දක්වා වැඩි විය හැක.
     
    ත්රිකුණාමලය සිට කන්කසන්තුරය, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්රදේශ විටින් විට රළු විය හැක. දිවයින වටා වනසෙසු මුහුදු ප්රදේශසාමාන්ය ස්වභාවයේ පවතී.
     
    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

    Latest News