මහ ගංවතුරකට අත වනන ලකුණු

නොවැ 20, 2023

    මහඔය ද්‍රෝනියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවල සැලකියයුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට ගංවතුර අවදානමක් ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා.

    ඒ අනුව, අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල සහ දංකොටුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහඔය නිම්නයේ පහත් බිම් ප්‍රදේශවලට සැලකියයුතු මට්ටමේ ගංවතුර තත්වයක් ඇති විය හැකි බවයි වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

    එමෙන්ම, දැදුරුඔය, තබ්බෝව, වෙහෙරලගල, ලුණුගම්වෙහෙර, මව්ආර සහ උඩවලව යන ජලාශවල වාන් දොරටු තවදුරටත් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

    මාතර දිස්ත්‍රික්කයට බලපෑ අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් මේ වන විටත් පහත් බිම් රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

    කඹුරුපිටිය, මුලටියන මාර්ගයේ මාකදුර ප්‍රදේශය ජලයෙන් යටවීම හේතුවෙන් ගමනා ගමනයට බාධා එල්ලවී තිබෙනවා.

    මාවරල, ඌරුබොක්ක, පස්ගොඩ, මුලටියන, ඇහැලකන්ද යන ප්‍රදේශවල මේ දිනවල අධික පැවතීම හේතුවෙන් නිල්වලා ගගේ අතු ගංගාවක් වන කිරඹආරේ ජල මට්ටමද ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    මේ අතර අද (20) දිනයේත් දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකට මිලිමීටර් 75ක පමණ තදවැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවනසවා.

    Last modified on සදුදා, 20 නොවැම්බර් 2023 09:29

    Latest News