1 පැනපු ගමන් සිහියෙන් ඉන්න

නොවැ 09, 2023
    දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.

    බස්නාහිර, මධ්යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

    උතුරු පළාතේ සහ ත්රිකුණාමලය දිස්ත්රික්කයේ උදෑසන කාලයේ දී වැසි ඇති විය හැකි බව වාර්තා වනවා.
     
    බස්නාහිර, සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
     
    ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්ත්මේන්තුව ජනතාවට දැනුම් දෙනවා.
    Last modified on බ්‍රහස්පතින්දා, 09 නොවැම්බර් 2023 08:40

    Latest News