දොම්පේ ප්‍රදේශයේ ආසාදිතයින් 484 දක්වා ඉහළට

ජන 13, 2021

    දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 64 දෙනෙක් වාර්තා වී තිබේ.

    ඒ අනූව, එම බල ප්‍රදේශයෙන් වාර්තා වන සමස්ථ ආසාදිතයින් ගණන 484 දක්වා ඉහළ ගොස් ඇත. මෙම ආසාදිතයින්ගෙන් 14 දෙනෙක් වාර්තා වී ඇත්තේ දැනට සංචරණ සීමා පනවා ඇති පූගොඩ,කුමාරිමුල්ල ප්‍රදේශයෙන්.

    සෙසු ආසාධිතයන් ගිරිදර ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවකින් හා දෙකටන,කිරිඳිවැල සහ මණ්ඩාවල යන ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.

    ආසාදිතයින් පිරිස දඹදෙනිය හා වරකාපොළ යන කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ‍ගෙන ඇත.

    Latest News