තවත් ආසාදිතයින් 670ක්...කොළඹින් 214ක්

ජන 15, 2021

    අද (15) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 670 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 214 ක් ලෙසයි.

    ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 116ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 90ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 250 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වෙයි.

    අද උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 47,105 වේ. ඉන් පුද්ගලයින් 40,989 දෙනෙක් මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර -3,059 (පූර්ණ සුවය ලබා ඇත) කොළඹ මත්ස්‍ය වෙළඳපලේ පොකුර -37,930

    Latest News