මෙරට සුවය ලැබු සමස්තය 23,793ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද (13) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 489 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමගයි.

ගතවූ පැය 24 තුල මෙරටින් කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් 760 දෙනෙක් හඳුනාගෙන තිබේ. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 4 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි ලාංකිකයින් වන අතර තවත් එක් පුද්ගලයෙක් විදේශගතව සිට මෙරටට පැමිණි විදේශීය පුද්ගලයෙක් ලෙස වාර්තා වෙයි.

මෙරටින් තවත් කොරෝනා වෛරස ආසාදිතයින් 623 දෙනෙක් හමුව තිබේ.

මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 23,000 ඉක්මවා ගොස් තිබේ.ඒ අද (12) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 473 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමගයි.

වැලිකඩ බන්ධනාගාරගතව සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාට 'කොවිඩ්-19' වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ පිරිස 20,831ක් දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ පිරිසේ ප්‍රතිශතය 72.77ක්. සියයට 26.76කට අදාළ පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ්-19 ආසාදිතයින් 570 දෙනෙක් සුවය ලබා තිබේ.

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත ගර්භනි මවක් නිවුන් දරුවන් ප්‍රසූත කර තිබේ.

කොව්ඩ-19 වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමදානය කළ හැකි දැයි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ජාවක් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (10) පැවැත්විණ.

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන ප්‍රදේශ කිහිපයකින් කොවිඩ් - 19 රෝගීන් 25 දෙනෙක් හඳුනාගෙන තිබේ.

Latest News