තවත් මන්ත්‍රීවරුන් 10 දෙනෙක් ආශ්‍රිතයන් ලෙස හදුනා ගැනේ

ජන 12, 2021

    කොරෝනා වෛරසය ආසාධනය වී ඇති අමාත්‍ය වාසුදේව නානායක්කාර සමග සමීපව ආශ්‍රය කළ මන්ත්‍රීවරුන් 10 දෙනෙක් මේ වන විට පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හදුනාගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනානාදු මහතා පවසයි.

    එම මන්ත්‍රීවරුන් සියලු දෙනාටම සහ අදාල අංශ දැනුවත් කිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

    වාසුදේව නානායක්කාර අමාත්‍යවරයා පසුගිය පාර්ලිමේන්තු රැස්වීම් වාරයේදී දින 04 දීම පාර්ලිමේන්තුවට පැමිණ තිබූ බවද හෙතෙම සඳහන් කර සිටියා.

    ලබන 13 සහ 15 යන දිනවලදී පෙරවරු 10.00 සිට පස්වරු 3.00 දක්වා පී.සී.ආර්. පරීක්ෂණ පැවැත්වීමට සෞඛ්‍ය අංශ කටයුතු යොදා ඇති බැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම පරීක්ෂණ සඳහා සහභාගී විය හැකි බව කථානායක මහින්ද යාපා අබේවර්ධන දන්වා සිටින බවද වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    මේ අතර ස්වයං නිරෝධායනයට ලක් කර ඇති පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන්ගේ සංඛ්‍යාව අද වනවිට 31 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    වසංගත රෝග විද්‍යා ඒකකයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ පාර්ලිමේන්තුව පමණක් නොව ඕනෑම ආයතනයකින් කොරෝනා ආසාදිතයින් හමුවිය හැකි බවයි.

    Latest News