තචත් කොරෝනා මරණ 08ක් සහ ආසාදිතයින් 569ක්

ජන 12, 2021

    අද (12) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 569 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් එක් පුද්ගලයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු ලෙස වාර්ථා වේ.

    ඉතිරි පුද්ගලයින් 568 දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ.  හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර,  ඒ ආසාදිතයින් 110 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 88 ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 52 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 318 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

    අද (12) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 45,164 වේ. ඉන් පුද්ගලයින් 39,333 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර           -     3,059  (පූර්ණ සුවය ලබා ඇත)

    කොළඹ මත්ස්‍ය වෙළඳපලේ පොකුර               -     36,274

    අද (12) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 48,951 ක් වන අතර ඉන් පුද්ගලයින් 42,090 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. අද (12) දින උදෑසන වනවිට, රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 6,621 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    අද (12) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 766 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    අද (12) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් ඇති අතර එම පුද්ගලයින් මීගමුව බන්ධනාගාරය තුළ, රාජගිරිය, මට්ටක්කුලිය, කොළඹ 12, කොළඹ 14, බණ්ඩාරගම, කළුතර දකුණ සහ කාත්තන්කුඩි යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ.

    ඒ අනුව, අද (12) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 240 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News