බ්‍රසීලයේ මාරාන්තිකම දින මරණ 4,211ක්

අප්‍රේ 07, 2021

    ලතින් අමෙරිකානු කලාපයේ බ්‍රසීලයේ ඉකුත් පැය 24 තුළ කොරෝනා මරණ 4,211ක් සිදුව තිබේ.

    එය, බ්‍රසීලයේ මෙතෙක් වාර්තා වූ මාරාන්තිකම දිනය වූ අතර එක් රටකින් වාර්තා වූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව ද වෙයි.

    කොරෝනා වෛරසයේ නව ප්‍රභේද රැසක් බ්‍රසීලයෙන් හඳුනා ගැනීම මෙම මරණවලට හේතුවයි.

    මේ වන විට එරට රෝහල් රැසක ධාරිතාව ඉක්මවා ගොස් තිබේ. නගර රැසක සෞඛ්‍ය පද්ධතිය මුළුමනින්ම ඇනහිට ඇති අතර රෝගීන් කෙරෙහි ඉතා අඩු සැලකිල්ලක් දක්වන බව ද විදෙස් වාර්තාවල සඳහන්.

    ඉකුත් පැය 24 තුළ එරට අලුතෙන් කොරෝනා ආසාදිතයන් 82,869 දෙනෙක් හඳුනාගෙන තිබේ. කෙසේ වුවද, වෛරස ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව මෙතරම් ඉහළ ගිය ද රට වසා දැමීමේ කිසිඳු සැලසුමක් නැති බව එරට ජනාධිපති ජාර් බොල්සොනාරෝ කියා සිටියි.

    Last modified on බදාදා, 07 අප්‍රේල් 2021 10:44

    Latest News