රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයින්ට නිවසේ රඳවා ප්‍රතිකාර

මැයි 15, 2021

    පීසීආර් පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිත බවට හඳුනා ගන්නා නමුත් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන රෝගීන් සඳහා ඔවුන්ගේ නිවාස තුළම රඳවා ප්‍රතිකාර කිරීමට සෞඛ්‍ය අංශ  තීරණය කර තිබේ.

    එම ක්‍රමවේදය සඳුදා (17) සිට ක්‍රියාත්මක කරන බවයි,රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ.

    ඔවුන් යම්කිසි හෝ සංකූලතාවයකින් පෙළෙන්නේ නම් එවැනි පුද්ගලයින්ව රෝහල්ගත කෙරෙන බව ද රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය. 

    Last modified on සෙනසුරාදා, 15 මැයි 2021 17:21

    Latest News