දෙවැනි දිනටත් දහස ඉක්මවා ආසාදිතයින් මෙරටින්

අප්‍රේ 29, 2021

    දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද උදෑසන වන විට (29) වාර්තා වී තිබේ.

    ඒ අනූව, කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1466ක් බවයි, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරන්නේ.

    මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 104,953ක්.

    රෝහල් ගතව සිටින සංඛ්‍යාව 9,209ක් වන අතර, සුවය ලබා ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 95083ක්.

    අද දිනයේ දී තවත් කොවිඩ් ආසාදිත මරණ 06ක් වාර්තා වී තිබේ. මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 661ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News