කුරුලු රංචුවක් කළ හදියක්

අගෝ 16, 2019

    මේ පුවත වාර්තා වුණේ ඊයේ දිනයේදීයි.

    රුසියානු මගී ගුවන් යානයක් මූලික වූ මේ කතාවේ නිර්මාණකරුවන් වන්නේ නිල් අකාශයේ සුන්දරත්වය විදිමින් සිටි කුරුළු රංචුවක්.

    පුංචි වුණත් කළ දෙයින් මගීන් 10 කුට තුවාල සිදුවුණා.

    කතාව මෙහෙමයි වුණා කියන්නේ......

    යූරල් එයාර් බස් A321 ක දරණ රුසියාවට අයත් මගී ගුවන් යානය මගීන් 226 ක් සමඟ ගුවන් ගත වුණේ මොස්කව්හි ෂුකොව්ස්කි ගුවන්තොටුපළෙන් ක්‍රිමියාවේ සිම්ෆෙරොපොල් ගුවන් තොටුපල බලා ගමන් කිරීමටයි.

    ටිකදුරක් ගමන් කළ යානය ගුවන් නියමුවාට හදිසියේ ගොඩබැස්සවීමට සිදුවන්නේ කුරුළු ප්‍රහාරයක් එල්ල වීමත් සමඟයි.

    මේ නිසා යානයේ එංජින් දෙකම ක්‍රියාවිරහිත වු බවයි පැවසෙන්නේ.

    අවසානයේ බඩඉරිඟු වගා භූමියේ පහස විදි යානයේ සිටි මගීන් 55 ක් ප්‍රතිකාර සඳහා යොමු කිරීමටත් සිදු වුණා.

    මෙය නම් සැබෑ ප්‍රාතිහාර්යක් බවයි මගීන් පවසන්නේ.

    ඔබ දන්නව ද ගුවන් යානාවල කුරුල්ලන් ගැටීම ගුවන් සේවා නිරන්තරයෙන් මුහුණ දෙන ගැටලුවක් බව.

    අමෙරිකාවේ පමණක් සෑම වසරකම මෙවැනි ගැටීම් දහස් ගණනක් වාර්තා වනවා.

    නමුත් මෙවැනි ගැටීම් හේතුවෙන් ගුවන් යානා වලට හානි සිදුවීම් හෝ ගුවන් අනතුරු වාර්තා වීම දුර්ලභ බවයි පැවසෙන්නේ.

     

    plane 3. 19 08

     

    plane 3. 19 08

     

    Last modified on සෙනසුරාදා, 17 අගෝස්තු 2019 07:58

    Latest News