වැහිළිහිණියා අනතුරේ

අගෝ 13, 2019

    වැහිලිහිණියා ශ්‍රී ලංකාවේ කඳුකර ප්‍රදේශය ආශ්‍රිතව බහුල ලෙස දැකගත හැකි පක්‍ෂි විශේෂයක්.

    එම සතුන්ට මුහුණපෑමට සිදුව ඇති සෝචනීය ඉරණම තවමත් අවසන්ව නැහැ. මේ ඒ පිළිබඳවයි...

    ශ්‍රී ලංකාව තුළ වැහිලිහිණි පක්‍ෂි විශේෂ කිහිපයක් වාසය කරන අතර, එම සතුන් කූඩු බඳින්නේ ඉතා උස් ස්ථානවලයි. සතුන් වැඩි වශයෙන් දිවි ගෙවන්නේ අඳුරු ගුහා තුල. වැහිලිහිණියා ආරක්‍ෂිත පක්‍ෂියෙකු ලෙස වනජීවි හා තුරුලතා ආඥාපනතෙන් ද නම් කර තිබෙනවා. උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සිට හැටන් දක්වා උමං මාර්ග තුළ ඇති වැහිලිහිණි කූඩු ලක්‍ෂ ගණනක කූඩු මෙහි දැකගත හැකියි. වසරකට වරක් පමණක් බිත්තර දමන වැහිලිහිණියා ඒ සඳහා සිය ඛේටය මගින් කූඩුව නිර්මාණය කරනවා. එක් කූඩුවක වසරකට බිත්තර 1ත්, 3ත් අතර සංඛ්‍යාවක් දමන බවයි, වන ජීවි නිලධාරීන් පවසන්නේ. වැහිලිහිණි කූඩු කඩා විදේශයන් වෙත යවන ජාවාරම මේ සතුන් දිගුකලක සිට මුහුණ පා සිටින දැඩි ජිවිත තර්ජනයක් වී තිබෙනවා.

    මෙරට සුපිරි හෝටල් වෙත ද ජාවාරම්කරුවන් විසින් වැහිලිහිණි කූඩු අලෙවි කරන බවයි, හෙළි වී ඇත්තේ. ඔවුන්ගේ ප්‍රධානතම අරමුණක් වී ඇත්තේ කූඩුවල විශේෂ මැලියම් වර්ගයක් ලබාගැනීමයි. එසේම මෙරට මෙන්ම විදේශයන්හිද ඇතැම් සුපිරි සංචාරක හෝටල්වල වැහිලිහිණි කූඩුවලින් විශේෂිත සුප් වර්ගයක් පිළියෙල කරන අතර, එම සුප් කෝප්පයක් අලෙවි කෙරෙන්නේ අධික මිලකටයි. ජවාරම්කරුවන් ඊට අවශ්‍ය වැහිලිහිණි කූඩු සැපයීමේ නිරතව සිටිනවා. උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල සිට හැටන් දක්වා උමං මාර්ගවල වැහිලිහිණි සතුන්ටත් ඊට වැඩි වශයෙන් ගොදුරුවීමට සිදුවෙලා. රාත්‍රී කාලයේ දුම්රිය උමං මාර්ගවල සිදුවන මේ දැවැන්ත ජාවාරම නවතා නොදැමුවහොත් උඩරට ප්‍රදේශයේ බහුලව වෙසෙන මෙම කුරුළු විශේෂය වැඩිකල් යන්නට මත්තෙන් වඳවී යනු ඇති බවයි පරිසරවේදීන් පෙන්වා දෙන්නේ.

    Last modified on අඟහරුවාදා, 13 අගෝස්තු 2019 20:40

    Latest News