රුසියාවේ අත්භූත ගම්මානය

අගෝ 11, 2019

    නව තාක්‍ෂණයත් සමඟ ලෝකය විශ්ව ගම්මානයක් බවට පත්වී තිබේ.

    එමෙන්ම අධි තාක්‍ෂණික මෙවලම් නිසාම කිසිවෙකුට සැඟවී සිටීම ඉතා අපහසු කාර්යයක්. විශ්ව ගවේශණය පිළිබඳ ලොව ප්‍රමුඛ බලවතෙකු ලෙස සැලකෙන රුසියාවේ පිහිටි අද්භූත ගම්මානයක් පිළිබඳවයි මේ....

    රුසියාවේ දකුණු දිග ප්‍රදේශයේ කෝකාසස් කඳු පන්තියේ කඳු පහකින් වටවී ඇති මේ ගම්මානය හඳුන්වන්නේ “සිටි ඔෆ් ඩෙඩ්“ හෙවත් මළවුන්ගේ නගරය ලෙසයි. එහි ඇතුළු වූ පුද්ගලයෙකු යළි නොපැමිණි බවට ද රුසියානු ජනප්‍රවාද යේ කියවේ. එහෙත් ඩාගාවුස් නමැති මෙම ප්‍ර දේශයේ සංචාරය කරනන් අද යුගයේ තරමක් සුලභයි. සුන්දර නිම්නය මත ගොඩනඟා ඇති සමාන ආකෘතිවලින් යුත් ශෛලමය නිවාස සියයක් පමණ එහි පවතී. කිසිවෙකු වාසය නොකරන එම කුටි තුළ ඇත්තේ මිනිස් ඇටකටු සහ දිරාගිය හිස් කබල් පමණි.

    14 වැනි සියවසේ දී පමණ මෙහි විසූ ජනකොටස් තම පවුලේ ඥාතීන් මියගිය විට ඔවුන්ගේ සිරුරු ඇතුළු සියලු බඩු බාහිරාදිය මෙහි තැන්පත් කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. පුරාවිද්‍යාඥයින් පවසන්නේ එම පවුල්වල පරම්පරාවන් අනුව කුටිවල මහල් ගණන ද තීරණය වූ බවයි. කලක් ජනාකීර්ණව පැවති මෙම ප්‍රදේශය මහාමාර්ග වසංගතයක් හේතුවෙන් විනාශ වී ගිය බවට ද ජනප්‍රවාදයේ සඳහන් වේ.

    Last modified on ඉරිදා, 11 අගෝස්තු 2019 18:50

    Latest News