දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය වෙනුවෙන් කැපවන ගුරුතුමා

ජූලි 28, 2019

    අධ්‍යාපනය මුදලට විකිණෙන යුගයක දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියාකරන ගුරුවරයෙකු පිළිබඳව බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තාවේ.

    බලංගොඩ වැලිගෙපොළ පොල්ලමුර වීරසේකර විද්‍යාලයේ ඉංග්‍රීසි විෂය බාර ගුරුවරයා වන ජී.එල්.වීරරත්න මහතා අලුයම 5.00 සිට උදෑසන 7.00 දක්වා ඉංග්‍රීසි ඉගැන්වීමට ක්‍රියා කරන බව වාර්තාවේ. බලංගොඩ අධ්‍යාපන කලාපයට අයත් වැලිගෙපොළ විද්‍යාලයේ පළමු ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා අධ්‍යාපන කටයුතු සිදු කෙරේ. එහි ඉංග්‍රීසි විෂය බාර ගුරුවරයා අළුයම 5.00 සිට ඉංග්‍රීසි ඉගැන්වීම ආරම්භ කර මේ වනවිට වසර දෙක හමාරක්. දෙමාපියන්, දරුවන් පාසලට කැඳවාගෙන එන්නේ පන්දම් දල්වාගෙන අලුයම 4.30ට පමණ.

    Balangoda px 900 28 07 19

    ඉංග්‍රීසි ඉගැන්වීමේ කාර්ය සඳහා විෂය බාර ගුරුවරයාගේ සහයට අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සේවකයෙකු සහ ප්‍රදේශයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ හසළ දැනුමක් ඇති තරුණියක ස්වෙච්ජාවෙන් ඉදිරිපත් වීම ද විශේෂත්වයක්. පාසලේ සියලුම දරුවන් පන්ති තුනකට වෙන්කර සිදු කෙරෙන ඉංග්‍රීසි ඉගැන්වීමෙන් මේ වනවිට විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගෙන තිබේ. අවම පහසුකම්වත් නොමැති මෙවැනි දුෂ්කර පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් කෙරෙන මෙම සේවාව මිල කළ නොහැකි බව දෙමාපියන් පවසයි.

    Last modified on ඉරිදා, 28 ජූලි 2019 18:34

    Latest News