මිනිසෙකුට ගමන් කළ හැකි ඩ්‍රෝන යානාවක් අමෙරිකාවෙන්

ජූලි 13, 2019

    විවිධ ක්‍රියාකාරකම් සඳහා ඩ්‍රෝන යානා යොදා ගැනීම අද සුලභ දෙයක්.

    ඩ්‍රෝන යානයක නැගී පියාසර කරන්නට මිනිසෙකුට ඉඩකඩ ලැබේනම් එය සිහිනයක් ලෙසයි සැලකෙන්නේ. එහෙත්, ඒ සිහිනය දැන් සැබෑ වී තිබේ. අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ලිෆ්ට් නමැති සමාගම මිනිසෙකුට ගමන් කළ හැකි ඩ්‍රෝන යානාවක් හඳුන්වා දුන්නේය. මේ වසර අවසානයේ සිට එය අමෙරිකාවේ නගර 25ක කෙටි දුර පියාසැරියන් සඳහා භාවිත කිරීමට අවසරය හිමිවිය. හෙක්සා 8 නමැති යානයට එක් පුද්ගලයෙකු පමණක් රැගෙන අඩි 200ත් 300ත් අතර උසකින් විනාඩි 15ක කාලයක් පියාසර කළ හැකි බවයි, සමාගම පවසන්නේ. ඊට පැයට කිලෝ මීටර 101ක උපරිම වේගයකින් පියාසර කළ හැකියි. යානය ආරක්‍ෂිත උපක්‍රම රැසකින් ද සමන්විතයි. ඊට ජලය මත ගොඩබැස්විය හැකි අතර කෙටි දුරකදී භාවිත කළ හැකි පැරෂුටයක් ද ඇතුලත්වේ. මුල් අවස්ථාවේදී අමෙරිකාවේ සිදු කෙරෙන එක් පියාසැරියක් සඳහා ඩොලර් 249ක මුදලක් අය කිරීමට, ලිෆ්ට් සමාගම බලාපොරොත්තුවේ.

    Last modified on සෙනසුරාදා, 13 ජූලි 2019 20:23

    Latest News