උඩු ගුවනේදී මැරි වැටුන කුරුල්ලෝ විශේෂයක්

ජූලි 13, 2019

    දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි පියාසර කරමින් සිටි පක්ෂීන් විශාල පිරිසක් මැරී වැටීම පිළිබඳ පරීක්ෂණ පවත්වන බව ඕස්ට්‍රේලියානු බලධාරීහු කියති.

    මෙලෙස මියගොස් ඇත්තේ එරට ආරක්ෂිත පක්ෂි විශේෂයක් වූ කොරෙල්ලා නම් කුරුළු විශේෂ දෙකකි. ගුවනේ දී මියගොස් ක්‍රීඩා පිටියක් මතට පතිතවූ පක්ෂින්ගේ මළ සිරුරු 57ක් මේ වනවිට සොයාගෙන තිබේ. පියඹාගත නොහැකිව දුර්වලව සිටි පක්ෂීන් කිහිපදෙනෙක් පශු වෛද්‍යවරුන් වෙත යොමු කර ඇත. මෙම පක්ෂීන්ගේ ජීවිත බේරාගැනීම ද අසීරු බව පශු වෛද්‍යවරු පවසති.

    මොවුන් මෙලෙස හදිසියේ මිය යාමට හේතුව කිසියම් විෂක් ශරීරගතවීම විය හැකි බව සත්ත්ව විද්‍යා පර්යේෂකයෝ කියති. මියගොස් සිටි ඇතැම් පක්ෂීන්ගේ මුඛයෙන් රුධිරය වහනය වී තිබූ බව ද නිරීක්ෂණය කර ඇත.

    මොවුන්ගේ සිරුරට ඇතුළු වූ විෂ වර්ගය කුමක් ද යන්න සෙවීම පිළිබඳ දැනටමත් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි එරට පරිසර හා ජල දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාව ජාත්‍යන්තර මාධ්‍ය වෙත පවසා තිබේ. එම විෂ වර්ගය හඳුනාගැනීමට සති කිහිපයක් ගතවනු ඇති බවත් ඇය විසින් පෙන්වා දි තිබේ.

    දිගු හොට සහිත කොරෙල්ලා වර්ගයේ හා කෙටි හොට සහිත කොරෙල්ලා වර්ගයේ පක්ෂීන් මෙලෙස මියගොස් ඇත.

    corollabird1 px 900 19 07 1

     

     

     

     

     

     

    Latest News