කතරගම හස්ථියාගේ කම්මුල් තෙමීමේ චාරිත්‍රය අද

ජූලි 10, 2019

    මෙවර රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ ප්‍රධාන කරඬුව වැඩම කරවන හස්ථියා, වාසනා හස්ථි රාජයායි.

    අද (10) හස්ථියාගේ කම්මුල් තෙමීමේ චාරිත්‍රය අවසන් විය. ඉන් අනතුරුව වාසනා හස්ථියා කරඬුව වැඩම කරවීම සිදුකරයි. අනුරාධපුර ප්‍රදේශයේ උපන් වාසනා හස්ථිරාජයා 45 වැනි පසුවේ. දළ යුගල අඩි දෙකහමාරක් පමණ දිගය. ආසියාවේ සිටින හීලෑ ඇතුන් අතරින් විශාලතම හස්ථියෙකු වන වාසනා හස්ථියා 1978 දී හිටපු අමාත්‍ය විමලා කන්නන්ගර මහත්මිය විසින් කතරගම දේවාලයට පූජා කළාය. කම්මුල් තෙමීම අවසන් වී වාසනා හස්ථි රාජයාගේ බැහුම් ලිහීමේ මංගල්‍යය සිදු කෙරුණේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද සමඟ පිරිත් සජ්ඣායන මධ්‍යයේ. පෙරහැරට හස්ථි රාජයා එක්වීම සංකේතවත් කෙරෙමින් බැහුම් ලිහීමේ චාරිත්‍රය සිදුවේ. බැහුම් ලිහීමේ චාරිත්‍රය යනු මඳකිපීමේ රෝගයෙන් පෙළී සිටි ඇතා, ගසින් ලිහීමේ චාරිත්‍රයයි.

    Latest News