වසර 900ක් පැරණි දැව ඔරුව අභාවයට (වීඩියෝ)

ජූලි 08, 2019

    ක්‍රිස්තු වර්ෂ 1293 සිට 1333 දක්වා වසර 40ක් අපේ රටේ රාජධානිය වූයේ කුරුණෑගලයි.

    කුරුණෑගල රාජධානියේ නටබුන් රැසක් අදත් දක්නට ලැබේ. එහෙත්, ප්‍රදේශවාසීන් පවසන්නේ, ඇතැම් ඓතිහාසික ස්ථාන කිසිවෙකුගේ අවධානයට ලක් නොවී විනාශ වෙමින් තිබෙන බවයි. 2003 වර්ෂයේ දී කුරුණෑගල වැවෙහි සිදු කළ කැණීම්වලදී මෙම දැව ඔරුව සොයා ගැණින. එය, වසර 900ක් පැරණි බවට කාල නිර්ණය කර තිබේ. එය මේ වනවිට දක්නට ඇත්තේ, කුරුණෑගල රාජධානියේ පැරණි මාළිගය පැවති, වත්මන් ආණ්ඩුකාර කාර්යාලය අසල භූමියේ. ඔරුව තැන්පත් කර ඇති කුඩා මඩුව මේ වනවිට දිරාපත් වී තිබේ. ඔරු පතුල ඇතුළු ස්ථාන කිහිපයක ජලය රැඳී තිබෙන අයුරු දක්නට ලැබේ. එය මදුරුවන්ට නිජබිමක්. පැරණි රජ මාලිගය ආශ්‍රිතව කෞතුක භාණ්ඩ රැසක් දක්නට ලැබෙන අතර, ඒවා විධිමත්ව පවත්වා ගෙන යාමක් ද දක්නට නැත.

    කුරුණෑගල වැවේ ජල ධාරිතාව මේ දිනවල අඩුවී ඇති අතර, එම නිසා සොරොව්ව ආශ්‍රිතව කැටයම් සහිත ගල් කුට්ටි කිහිපයක් ද මතුවී ඇත. ඊට කිසිදු ආරක්‍ෂාවක් නොමැති බව ද ප්‍රදේශවාසීන් පවසයි. ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, මෙම පුරාවස්තු රැකගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ගන්නා ලෙසයි.

    Last modified on සදුදා, 08 ජූලි 2019 20:30

    Latest News