ජීවත්ව සිටියදි අවයව දාහතරක් දන් දුන් හමුදා මේජර් (ඡායාරූප)

ජූලි 08, 2019

    ශරීරයේ අවයව කොටස් දාහතරක් ජීවත්ව සිටියදී පුද්ගලයන්ට ලබා දී මියගිය යුධ හමුදා විශ්‍රාමික මේජර් වරයකු පිළිබඳ පුවතක් ගලේවෙල ඇතාබැඳිවැව තලකිරියාගම ප්‍රදේශයෙන් වාර්තාවේ. ඔහු එම්. ජී. ජයවීර (44) තිදරු පියෙකි.

    යුද හමුදා කොමාන්ඩෝ බලකායෙන් විශ්‍රාම යෑමෙන් පසු කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලයේ පෞද්ගලික ආරක්ෂක අංශයේ සේවය කළ අයෙකි.

    එකවරම හිසේ කැක්කුමක් සෑදීම හේතුවෙන් දඹුල්ල රෝහලෙන් ප්‍රතිකාර ගෙන පසුව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරිමේදී හිසේ අභ්‍යන්තරයේ පැවති ගෙඩියක් පුපුරා යෑමෙන් ඔහු මියගොස් ඇතැයි ඥාතීහු පවසති.

    soldierdeath px 900 19 07 0

    මෙම කොමාන්ඩෝ බලකායේ සෙබලාගේ ශරීරයේ සියලු ඉන්ද්‍රියන් ඉතාමත් සෞඛ්‍ය සම්පන්නව තිබීම හේතුවෙන් ඔහු මිය යන්නට පෙර ඥාතීන් සමග පවසා ඇත්තේ තවත් අයෙකුට ජීවත්වීමට තම ශරීරයේ කොටස් ලබාදීමට අවශ්‍ය බවයි. ඒ අනුව මියගිය ජයවීර විශ්‍රාමික කමාන්ඩෝ සෙබළාගේ බිරිද කේ .ජී. ධම්මිකා කුමාරි වීරසේකර (39 )මහත්මිය කියා සිටියේ තම සැමියාගේ ඇස් දෙක වකුගඩු අග්නියාසය හදවත ලේ මස් දනහිස් ඇතුළු ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් දාහතරක් දන්දීමට කැමැත්ත පළ කළ බවයි. තම සැමියා මියගිය ද තවත් අයෙකු තම සැමියා වෙනුවෙන් ජීවත්වීම සතුටට පත් වෙන බව ඇය පැවසුවාය.

    soldierdeath2 px 900 19 07

    මෙසේ හදිසියේ මියගිය ජයවීර කමාන්ඩෝ සෙබළාට ඉසුරු ධනංජය 15 හැවිරිදි පුතා, මධුෂානි කවීෂා 10 දියණියත් සචිනි ෂෙහානි හත් හැවිරිදි දියණියක් සිටින අතර එම්. ජී. පුංචිනා 74 මවද වකුගඩු රෝගීන් පීඩා විඳින බව ඔවුහු කියති. සිය ඉන්ද්‍රියන් දාහතරක් මෙලොව ජීවත්වෙද්දී පරලොව ගිය සෙබළාගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතයි.

     

    Latest News