අනතුරු අවදානමක් නිසා පාලමේ චිත්‍ර මකා දමයි (ඡායාරූප)

පෙබ 11, 2020

    බගවන්තලාව නගරයට පිවිසිමේදී කෙසෙල්ගමු ඔය හරහා ඉදිකර තිබෙන ප්‍රධාන පාලමේ ඇඳ තිබෙන චිත්‍ර මකා දමා එ් මත සුදු තීන්ත ආලේප කිරිමට අද(11) නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලය මගින් කටයුතු කර තිබේ.

    බගවන්තලාව නගරයේ තරුණයින් පිරිසක් විසින් පසුගිය දා නගරයේ ස්ථාන කිහිපයකම චිත්‍ර නිර්මාණය කළ අතර, බගවන්තලාව නගරයට පිවිසෙන පාලමේ සහ එහි ආරක්ෂිත වැටේ ද සම්පුර්ණයෙන්ම තීන්ත ආලේපනය කර අලංකාර චිත්‍ර කිහිපයක් නිර්මාණය කර තිබිණි.

    dambulla-02.jpgdambulla-01.jpg

    dambulla-04.jpg

    dambulla-03.jpg

    එසේ නිර්මාණය කර තිබූ ප්‍රධාන චිත්‍ර නිර්මාණ හැර පාලමේ ආරක්ෂිත වැටේ නිර්මාණය කර තිබූ අලංකා සිතුවම් කිහිපයක් සුදු තින්ත යොදා මකා දැමිමට නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාලයේ නිලධාරින් කටයුතු කර තිබේ.

    පාලමේ නිර්මාණය කර තිබු චිත්‍ර මකා දැමිම සම්බන්ධයෙන් අප වාර්තාකරු නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකරි කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරි කේ. ඩී. බී. ආර්. දේවප්‍රිය මහතාගෙන් අප කළ විමසුමකට ඔහු කියා සිටියේ රාත්‍රි කාලයේ ගමන් කරන වාහනවලට පාලම දිස් නොවන නිසා අනතුරු සිදුවීමේ අවධානමක් පැවතීම හේතුවෙන් පාලමේ ආරක්ෂිත වැටේ පමණක් සුදු තින්ත ආලේප කිරිමට කටයුතු කළ බවයි.

    තවද පාලම මත චිත්‍ර නිර්මාණය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියෙන් කිසිදු අවසරයක් හෝ උපදෙසක් ලබාගෙන නොතිබිණු බවත්, එසේ අවසර සහ උපදෙස් ලබාගෙන තිබුණේ නම් පාලම චිත්‍ර නිර්මාණය කිරීමට අවශ්‍ය තීන්ත වර්ණය සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමට හැකියාව තිබු බවත් නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලයේ විධායක ඉංජිනේරුවරයා ප්‍රකාශ කර සිටියි.

    dambulla-05.jpg

    Last modified on අඟහරුවාදා, 11 පෙබරවාරි 2020 16:30

    Latest News