"යුක්ති" මෙහෙයුමට තවත් 822ක් කොටු වෙයි

ජන 02, 2024
    යුක්තිය මෙහෙයුම යටතේ මත්ද්රව්ය සහ වෙනත් අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 822 දෙදෙනෙකු අවසන් පැය 24 තුලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය සහ විශේෂ කාර්යාංශයේ ලේඛන ගත ලැයිස්තුවේ සිටි සැකකරුවන් 91 දෙනෙකු ඒ අතර වන බවයි, පොලිසිය පවසන්නේ.

    හෙරොයින් ග්රෑම් 273 ක් ඇතුළු මත්ද්රව්ය තොගයක් ද මෙහෙයුම්වලදී පොලිස් බාරයට ගනු ලැබුවා.
     
    අයිස් ග්රෑම් 111 ක් ගංජා කිලෝ දෙකකට ආසන්න ප්රමාණයක්, මත් පෙති 426 ක් ද ඊට ඇතුළත්.
     
    අත්අඩංගුවට ගත් සැකකරුවන් 60 දෙනෙකු සම්බන්ධ රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදු කෙරෙන අතර, මත්ද්රව්යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් 72 දෙදෙනෙකු පුනරුත්ථාපන මධ්යස්ථාන වෙත යොමු කෙරුණා.

    Latest News