අසරණ සැමියා රකින බිරිඳ ජීවිතය ඉල්ලයි (වීඩියෝ)

ඔක් 31, 2022
  • පොල්කඩන රැකියාව කරමින් දරු පවුලක් ජීවත්කර වූ පියෙකු පොල්ගසකින් ඇද වැටී සුසුම්නාව බිඳී සිරුරේ තුවාල දැමීම හේතුවෙන් ජීවිතයත් මණයත් අතර සටනක යෙදී සිටින අතර ඔහුගේ හය මස් ගැබිණි බිරිද ජීවත්වීම සදහා ජනතා සහය ඉල්ලා සිටියි.



    මේ අසරණ පවුල ගැන මීට පෙර කළ වාර්තාවකට අනුව දැනට රෝද පුටුවක් සහ වියළි ආහාර ලැබී තිබේ. නමුත් මේ වන විට අදාළ රෝගියා සැත්කම අවසන් කොට නිවසට රැගෙන ගොස් තිබේ.
    දඹුල්ල, පන්නම්පිටිය, මැනික්දෙන පදිංචි විජේසිරි බණ්ඩාර නැමැති 40 හැවිරිදි සැමියා මීට මාස 3කට පමණ පෙර පොල් ගසකින් වැටී තුවාල ලබා ඇත‍.
    දැනට හය මස් ගැබිණියක් වන ඔහුගේ බිරිඳ නෙලුම් ගමගේ ඉතා අපහසුවෙන් ඔහු රැක බලා ගනී. තවද දැනට 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන වැඩි මහල් දරුවාද සමගින් ඔවුහු පොල් අතු සෙවිළි කළ නිවසක ඉතා දැඩි ආර්ථික දුෂ්කරතා මැද ජීවිතය ගත කරති.

    ඔවුන්ගේ ලිපිනය එම් .එම් .විජේසිරි බණ්ඩාර පන්නම්පිටිය, මැණික්දෙන, තෙරදියගලයාය, දඹුල්ලග
    දුරකථන අංකය - 074 31 80 476

    Last modified on සදුදා, 31 ඔක්තෝබර් 2022 12:00

    Latest News