ඔබේ හඩ අසන්නට ඔබේ උදව් අවැසි පුංචි මල් කැකුළක් (වීඩියෝ)

ඔක් 16, 2022
  • කෙනෙකුට ලෝකය දකින්න දෙනෙත් වගේම ඒ දකින ලෝකය දිනන්න දෙසවන් අත්‍යවශ්‍යයි. මේ පුවත ඒ දකින ලෝකය දිනන්න ඔබේ සහය පතන දියණියක් පිළිබඳවයි.

    මේ මනුදි දුලංසා දියණිය.  මොරටුව ප්‍රදේශයේ පදිංචි ඇය පාසලේ‍ දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දක්ෂ දියණියක්.  ‍වයස අවුරුදු 03 පසුවෙත්ම මේ දියණියගේ ශ්‍රවන තත්ත්වයේ යම් අඩුවක් ඇති බවට වෛද්‍යවරුන් හඳුනාගෙන තිබෙනවා.

    කන් දෙකේම මෙම ශ්‍රවනාබාධය පැවතුණත් එක් කනකට පමණක් ශ්‍රවනාධාර උපකරණයක් සවි කිරීමෙන් ඇයගේ ඇසීමේ හැකියාව වැඩි කළ හැකි බවයි,  වෛද්‍යවරුන්ගේ නිර්දේශය.  මේ දිනවල රට මුහුණපා ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ රෝහල් තුළ මෙම උපකරණ නොමැති නිසා ඒවා වෙළඳපොලෙන් මිලදී ගැනීමට මනුදි දියණියගේ මවට සිදුවෙලා. 

    කොළඹ රිජ්වේ ආර්යා ‍ළමා රෝහලේ තොරතුරු ලේඛනයේ මෙම සැත්කම සඳහා දැරිය බලා සිටින්නේ, දැනට වසර එක හමාරක කාලයක සිටයි.  දැරියගේ වර්ධනයත් සමග සැත්කම කඩිනමින් සිදුකළ යුතු බව වෛද්‍යවරුන් පවසනවා.                                                                                           

    එහෙත් ශ්‍රවනාධාර උපකරණය මිලදී ගැනීමට අවශ්‍යව ඇති මුදල රුපියල් ලක්ෂ 39ක්. මෙම අවස්ථාවේ එතරම් මුදලක් සොයා ගැනීමට දියණියගේ මවට හැකියාවක් නැහැ. 

    මනුදිගේ පියා මීට මාස 02කට පෙර හදිසි හෘදයාබාදයක් හේතුවෙන් මියගිහින්.  මනුදි දියණියට පිළිසරණක් වීමට පරිත්‍යාගශීලී ඔබට හැකිනම් දෙනෙතින් දකින ලෝකය දිනන්නට දෙසවන් පතන ඇයට ඔබ ඉමහත් ශක්තියක් වේවි. ඒ සඳහා ඔබගේ පරිත්‍යාගය ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ 1000 28 83 28 38 යන ගිණුම් අංකයට බැර කළ හැකියි.    

    NSB - City Branch - Mrs. D M G N Deshani

    දුරකථන අංකය (දැරියගේ මව)  - 071 84 63 201

    Last modified on ඉරිදා, 16 ඔක්තෝබර් 2022 16:50

    Latest News