පුංචි මිනිසුන්ගේ ලස්සන ලෝකය (වීඩියෝ)

ඔක් 23, 2022
  • විවිධාකාර වෙනස්කම් තියෙන මිනිස්සු අපි අතරේ ඉන්නවා. ඉන් සුන්දර මිනිසුන් පිරිසක් තමයි, පුංචි මිනිස්සු කියල කියන්නේ.

    මේ පිරිස සමාජයේ ජීවත්වන සාමාන්‍ය මිනිසුන් වගේමයි. වෙනසකට ඇත්තේ උසින් අඩුවීම පමණයි. ඔවුන්ගේ හැකියාව, දක්ෂතා, නිර්මාණශීලීත්වය, අධ්යා පන හැකියාව, බුද්ධිය, සිතුම් - පැතුම් සියල්ල අනෙක් මිනිසුන් වගේමයි. ඔවුන් සිය කුටුම්භ තුළ සතුටින් කාලය ගත කරනවා. එහෙත්, එවැනි මිනිසුන් කොපමණ සංඛ්‍යාවක් අප රටේ සිටින්නේදැයි යන්න පිළිබඳ මෙතෙක් සංඝණනයක් සිදුව නොමැති බවයි, පුංචි මිනිසුන්ගේ සංවිධානය පවසන්නේ.

    අපේ සමාජයේ ඇතැම් කණ්ඩායම් ඔවුන්ව උපහාසයට ලක්කිරීම මෙම පුංචි මිනිසුන්ගේ ප්‍රධාන ගැටළුවක් බවටයි පත්ව තිබෙන්නේ. ශරීරයෙන් කුඩා වුනත් ඔවුන්ට ද දුක දැනෙනවා. එම ජනතාවට අවශ්‍ය වන්නේ සමාජයේ අනුකම්පාව නොව, ආදරය සහ කරුණාවයි.

    පුංචි මිනිසුන්ගේ සංවිධානයේ වාර්ෂික සුහද හමුව ඊයේ පැවැත්වුණේ, ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙනුයි. මේ පුංචි මිනිසුන් ඊයේ හරි සතුටින් ගත කළා.

    ආබාධිත කාණ්ඩයට මොවුන් අයත් නොවුනත්, ඇතැම් පිරිස් ජීවත් වන්නේ ගැටළු රැසක් මධ්‍යයේ. පුංචි මිනිසුන්ගේ සංවිධානය, සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින්නේ, තමන් පිළිබඳව ද අවධානයක් යොමුකරන ලෙසයි.

    Last modified on ඉරිදා, 23 ඔක්තෝබර් 2022 20:14

    Latest News