මල් වට්ටියකට රු. ලක්ෂ 11ක් (වීඩියෝ)

ඔක් 12, 2022
  • මල් වට්ටියක් රුපියල් ලක්ෂ 11 කට අලෙවි වූ පුවතක් දඹුල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

    ඊයේ රාත්‍රී සිට අද උදෑසන දක්වා දඹුල්ල කිරලැස්ස පුෂ්පාරාම විහාරස්ථානයේ පැවති සල්පිලකදී මෙම වෙන්දේසිය පැවැත්වුණා.

    විහාරස්ථානයේ ධර්මශාලාව ප්‍රතිසංස්කරණයට ආධාර පිණිස සල්පිල සංවිධාන කර තිබුණා. මෙහිදී ඉදිරිපත් කෙරුණු මල්වට්ටිය ප්‍රදේශවාසීන් අතර, වෙන්දේසි වී අද අලුයම වන විට රුපියල් ලක්ෂ 11 ක් දක්වා ලන්සුවකට අළෙවි වුණා.

    මෙහිදී සල්පිල පැවැත්වූ විරිදුකරු අදාළ මුදල ප්‍රකාශයට පත් කිරීමත් සමග රෝගාතුර වී තිබෙනවා. පොල් ගෙඩි තොරණද රුපියල් ලක්ෂ දෙකකට වෙන්දේසි වූ බවයි අප වාර්තාකරු දඹුල්ල වාර්තාකරු කියා සිටියේ.

    Latest News