“හදවතින් එකට වෙසෙමු“-“රූ කිරුළ-2019“ (විඩියෝ)

මාර් 10, 2019
  • “රූ කිරුළ-2019“ සඳහා රුවැත්තියන් තේරීමේ දෙවැනි සහ තෙවැනි අදියර රූපවාහිනී පරිශ්‍රයේදී අද පැවැත්විණ.

    මෙහිදී තෝරා ගැනුණේ, අවසන් මහා තරගයට සුදුසුකම් ලබන රුවැත්තියන් “හදවතින් එකට වෙසෙමු“ තේමාව යටතේ “රූ කිරුළ-2019“ වැඩසටහන ක්‍රියාත්මකයි.

    දිවයිනේ සියලු පළාත් නියෝජනය කරමින් ඉදිරිපත් කර තිබූ අයදුම්පත් විශාල සංඛ්‍යාවක් අතරින්, රුවැත්තියන් 425 දෙනෙකු තෝරා ගැණින. මූලික වටයේ පළාත් තරගයෙන්, රුවැත්තියන් 125 දෙනෙකු දෙවැනි අදියර සඳහා සුදුසුකම් ලැබීය.

    සියලු පළාත් නියෝජනය වන පරිදි 45 දෙනෙකු අද තෝරා ගැණින. ඒ අතුරින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබන රුවැත්තියන් ඉදිරියේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. ඔවුන් තෝරා ගැණෙන්නේ, ප්‍රවීණ විනිසුරු මඩුල්ලකගේ අධීක්‍ෂණය යටතේ.

    Last modified on සදුදා, 11 මාර්තු 2019 07:36

    Latest News