කැස්බෑවන් රැකීමට නාවික හමුදාවෙන් ව්‍යාපෘතියක්

මාර් 10, 2019

    වඳවී යාමේ සත්ත්වයන්ගේ නාම ලේඛනයට ඇතුළත් කැස්බෑවන් ආරක්‍ෂා කිරීමට නාවික හමුදාව සිය දායකත්වය සැපයිමට ඉදිරිපත්වී තිබේ.

    ඒ සඳහා වර්තමාන නාවික හමුදාධිපති මෙන්ම සමුද්‍රීය හා පරිසර හිතකාමී ව්‍යාපෘති කමිටු ප්‍රධානී, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත නාවික හමුදාව විසින් කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරගෙන යනු ලබයි. මෙහි මුලික අරමුණ වඳවී යන කැසැබෑ සත්ව විශේෂය සංරක්‍ෂණය කොට සාගරයට මුදා හැරිමයි.

    ඒ අනුව, ශ්‍රී ලංකාවේ කැස්බෑවන් බිත්තර දමනු ලබන සෑම වෙරළ ප්‍රදේශයකම නාවික හමුදා කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරගෙන යනු ලබන අතර, පසුගිය වසර දෙකක පමණ කාලය තුල නාවික හමුදාව මඟින් කැස්බෑ පැටවුන් 5,700 ක් පමණ සංරක්‍ෂණයෙන් පසුව සාගරයට මුදාහැරීමට කටයුතු කර තිබේ. මේ සඳහා පුහුණුව ලද නාවිකයින් යොදවා ඇති අතර, එය ඉතා ක්‍රමවත්ව ක්‍රියාත්මක වෙමින් පවති. ගිණිකොන නාවික විධානය ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ඊයේ (මාර්තු 09) සහ අද දින සංරක්‍ෂණය කරන ලද කැස්බෑ පැටවුන් 250 ක් සාගරයට මුදා හරිනු ලැබිණ.

    සාගරික සම්පත් සුරැකීම ඉතාමත් වැදගත් කාර්ය භාර්යක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව හදුනාගෙන ඇති අතර, ඉතා කාර්යක්‍ෂම ශ්‍රම බලකායකින් යුතු නාවික හමුදාව දිවයින වටා සමස්ථ වෙරළ තීරය ආවරණය වන පරිදි සාගරික සම්පත් සුරැකීම වෙනුවෙන් කැපවී සිටි.

    tertelsea px 900 19 03 10

    Latest News