සූර්ය බලශක්තියෙන් දුවන නව ත්‍රීරෝද රථයක් (වීඩියෝ)

මාර් 24, 2022
  • සූර්ය බලශක්තියෙන් ආරෝපණය කළ හැකි බැටරියක් මගින් ධාවන කළ හැකි ත්‍රීරෝද රථයක් නිර්මාණය කිරීමට මෙරට පර්යේෂණ කණ්ඩායමක් සමත්ව තිබේ.

    ඉන්ධන නොමැතිව ධාවනය කළ හැකි ක්‍රමවේදයක් සෙවීම කෙරෙහි ලොව නව නිපැයුම්කරුවන්ගේ අවධානය යොමුව තිබේ. එවැනි සාර්ථක අත්හදාබැලීමක් සිදු කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුව සමත්ව තිබේ.

    මේ ඉන්ධන නොමැතිව ධාවනය කළ හැකි ඉලෙක්ට්‍රොනික ත්‍රිරෝද රථයකි. පේරාදෙණිය විශ්විවිද්‍යාලයේ ඉංජි‍නේරු පීඨයේ විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරුන් වන ජනක ‍ඒකනායක සහ ලිලන්ත සමරණායක යන මහත්වරුන් ඇතුලු කණ්ඩායමක් විසින් මෙම නිෂ්පාදනය කර තිබේ.

    සූර්ය බලශක්තියෙන් ආරෝපණය කළ හැකි බැටරියක් මගින් මෙම ත්‍රීරෝද රථය ක්‍රියාත්මක කළ හැකියි. සාමාන්‍ය ත්‍රීරෝද රථයක මෙන් ඇන්ජිමක් නොමැති මෙම ඉලෙක්ට්‍රොනික ත්‍රීරෝද රථය සාමාන්‍ය ත්‍රීරෝථ රථයක ‍ගමන් වේගය හා අනෙකුත් සියලු පහසුකම්වලින් සමන්විතයි.
    එක් වරක් බැටරිය ආරෝපමණය කිරීමෙන් කිලෝමීටර 60ක පමණ දුරක් පැයට සැතපුම් 80ක පමණ වේගයෙන් අඛණ්ඩව ධාවනය කළ හැකි බවයි මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා පවසන්නේ.

    මෙහි ඇති විශේෂත්වය වන්නේ, එක් බැටරියක ආරෝපණය අවසන් වූ විට වෙනත් බැටරියක් එයට සම්බන්ධ කළ හැකි වීමයි. එම නිසා බැටරි ආරෝපණය කිරීමට ගත වන කාලය ඉතිර කර ගත හැකියි.

    Latest News