කහවත්ත නවාතැනක් කරගත් සංචාරක පක්ෂීන්

මාර් 12, 2022

    සෑම වසරකම වසන්ත සමය උදාවත්ම සංචාරකයන් වගේම පක්ෂීන් ද රටකින් රටකට සංචාරය කිරීමට පුරුදුව සිටියි. පක්ෂීන්ගේ එම සංක්‍රමනය හඳුන්වන්නේ, පර්යටනය ලෙසයි.

    මේ දිනවල පක්ෂීන් විශාල වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණ සිටින අයුරු අපට දැකගත හැකියි. කහවත්ත ප්‍රදේශය ද සංචාරක පක්ෂීන්ගේ නවාතැනක් බවට පත්ව තිබේ. අඳුර වැටෙත්ම අලුත් නවාතැන් සෙවීමට ඔවුන් පුරුදුව සිටියි.

    බොහෝ දෙනා මෙම පක්ෂීන් අටු වැහි ලිහිනින් යනුවෙන් හඳුන්වයි.

    යුරෝපය, අප්‍රිකාව, අමෙරිකාව සහ දකුණු ආසියානු කලාපීය රටවල් මේ පක්ෂීන්ගේ මුල් වාසභූමියයි.

    ශීත සෘතුව, එළඹීමත් සමග අභිජනන ප්‍රදේශ අතහැර ආහාර බහුල හිතකර පරිසරය සොයා පියාසර කිරීමට මෙම පක්ෂීන්ගේ පුරුද්දක් වී තිබේ.

    Latest News