ඉතා දුෂ්කර දිවිපෙවෙතක් ගත කරන පවුලක් (වීඩියෝ)

පෙබ 23, 2019

    දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජිවිතය ජය ගැනීමට වෙහෙසෙන මවකට සහ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට උත්සහ දරන දරුවන් පිරිසකට පරිත්‍යාගශීලි ඔබේ උපකාරය අවශ්‍යව තිබේ.

    විල්පත්තුව වනෝද්‍යානයට මායිම්ව පිහිටි විලච්චිය, යාය - 4 කරඹගොල්ලෑව ගම්මානයේ ජනතාව ගෙවනුයේ ඉතාමත් දුෂ්කර ජිවිතයක්. ගැහැණු ළමුන් පස් දෙනෙකු තම දෙමාපියන් සමඟ මේ නිවසේ ජීවත්වේ. බිත්ති 4ක් පමණක් ගඩොලින් අවරණය කර ඇති නිවසේ වහළය ලී දඬු මත තහඩු සෙවිලි කර තිබේ.

    නිවස ඇතුළත කාමර වෙන්කර ඇත්තේ, තිර රෙදිවලින්. ඔවුන්ගේ මූලික අවශ්‍යතාව ආරක්‍ෂිත නිවසක්. දරුවන්ගේ අධ්‍යාපනය සඳහා විශාල වියදමක් දැරීමට ද ඔවුන්ට සිදුව තිබේ. මේ දරුවන්ට ආරක්‍ෂිත අංග සම්පූර්ණ නිවසක් ඉදිකිරීමට සහ අධ්‍යාපන කටයුතු කරගෙන යාම සඳහා ඔබට පරිත්‍යාග ලබාදිය හැකියි.

    Last modified on සෙනසුරාදා, 23 පෙබරවාරි 2019 20:05

    Latest News