කාසල්රි ජලාශයේ මතුවූ අළුත් දූපත (ඡායාරූප)

පෙබ 25, 2019

    ජාතික විදුලි බල පද්ධතියට විදුලි උත්පදනය සඳහා ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශයේ අලුතින් දුපතක් මතු වි තිබේ.

    කාසල්රි ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග එම ජලාශයේ ජල මට්ට්ම සිග්‍රයෙන් පහත බැසිමත් සමග මෙම දුපත මතු වී තිබේ.  

    හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලි ගම ප්‍රදේශයේ ඉකුත් වසරේ (2018.10.15) නිවාස පහක් සමඟ මාර්ගයේ විශාල කොටසක් කාසල්රි ජලාශයට නාය ගියේය.පස් සහ කඩාගෙන ගිය ගොඩනැගිලි ද්‍රව්‍යය  එම ජලාශයේ තැන්පත්  වීම නිසා එම ජලාශයේ අලුතින් දුපතක් ලෙස එම පස් තට්ටු තැන්පත් වි ඇති බවයි, අප වාර්තාකරු පවසන්නේ. 

    නාය යාමෙන් විශාල පස් ප්‍රමාණයක් ජලාශයට කඩා වැටී ඇති බවයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින් කළ සමීක්ෂණයකදී තහවුරු වී ඇත්තේ.

    කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහළ බැසිම හේතුවෙන් කාසල්රි ජලාශයේ නිව්වැලිගම ප්‍රදේශයේ සිට ජලාශයේ එපිටට මස්කෙලි ප්‍රදේශයට ගමන් කිරිමට ද අවස්ථාව උදා වීමට ඉඩ තිබේ. කාසල්රි ජලාශයෙන් දුපතක් ලෙස දැනට මතු වී ඇති ස්ථානය එවකට විශාල ගැඹුරකින් යුක්ත ප්‍රදේශයක් වශයෙන් තිබූ බවයි විදුලි  බල මණ්ඩලය හදුනාගෙන තිබුණේ. මෙම නායයාම නිසා විශාල පරිසර හානියක්ද සිදු වී ඇත.

    island px 900 19 02 25

    island1 px 900 19 02 25

     

    Last modified on සදුදා, 25 පෙබරවාරි 2019 11:22

    Latest News