සප්තකන්‍යා 6 වැනි කඳුවැටියට නැරඹුම් මැදිරියක් (ඡායාරූප)

පෙබ 23, 2019

    මෙතෙක් ශ්‍රී ලංකාව තුල සිදු වු බිහිසුණුතම ගුවන් අනතුර සිදු වුණේ සප්තකන්‍යා කදුවැටියේ ගැටීමෙන්.

    මේ සිදුවීමත් සමඟ සප්තකන්‍යා කඳුවැටිය ගැනේ කාගේ අවදානමට ලක්වුණා. මේ කඳුවැටිය තරණය කිරීමට අවසරයක් නොමැතියි වගේම එය දුෂ්කර හා අවදානමක් ගමනක්. කෙසේ වෙතත් කඳුවැටිය තරණය කිරීමටත්, සංචාරය කිරිමටත් දෙස් විදෙස් සංචාරකයන්ට ළගදීම අවස්ථාව ලබාදෙන බව අප කළ විමසීමක දී අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතා ප්‍රකාශ කළේ.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාගේ සංකල්පයක් මත අඹගමුව ප්‍රාදේශසභා ප්‍රදේශය සංචාරක කලාපයක් බවට ප්‍රවර්ධනය කිරිමේ වැඩසටහනට සමගාමිව සප්තකන්ය්‍යා කදුවැටිය තරණය කිරීමට සහ සංචාරය කිරිමට අවස්ථාව උදාකරන බවයි සභාපතිවරයා කියා සිටියේ.

    සප්තකන්‍යා කඳුවැටි 7න් කඳු 6ක් තරණය කිරිමටත් 6 වැනි කඳුවැටිය තුල නැරඹුම් මැදිරියක් ස්ථාපනය කිරීමටත් කටයුතු කරන බවයි, සභාපතිවරයා කියා සිටියේ.

    සප්තකන්‍යා කඳුවැටිය තරණය කිරිම සහ සංචාරය කිරිමට වනජිවි දෙපාර්තුමේන්තුවෙන් නිසි අවසර ලබාගෙන ඒ සඳහා තවත් රාජ්‍ය ආයතන කිහිපයක සහයෝගය ලබා ගන්නා බවයි සභාපතිවරයා කියා සිටියේ.

    සප්තකන්‍යා කඳු තරණය සහ සංචාරය කිරිමෙන් ශ්‍රීපාද රක්ෂිතයේ වෙසෙන අලි රංචුව දැකබලා ගැනිමට අවස්ථාව උදා වෙයි. සප්තකන්‍යා කදුවැටියේ සිට ලක්ෂපාන දියඇල්ල, ඇබඩින් දියඇල්ල, කදුකරයේ විදුලි බලාගාර සහ ශ්‍රී පාද රක්ෂිතයේ සුන්දර පරිසරය ද විද ගැනිමේ අවස්ථාව ඉන් උදාවෙයි.

    පරිසර හිතකාමි ලෙස මෙම ව්‍යාපෘතිය දියත් කිරිමට සැලසුම් කර ඇති බවයි, අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ.

    එම රක්ෂිතය තුල විශාල වශයෙන් කිතුල් ගස් ඇති බවත්, ඒ තුලින් කිතුල් කර්මාන්තය සංවර්ධනය කිරිමටද සැලසුම් කරන බවයි සභාපතිවරයා කියා සිටියේ.

    සප්තකන්‍යා කදුවැටිය ඊයේ (22) දින තමන් ඇතුළු රාජ්‍යය නිලධාරින් රැසක් සංචාරය කල බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේය.

    1 3

    1 8

    2 3

    1 12

    1 1

    1 11

     

    Last modified on සෙනසුරාදා, 23 පෙබරවාරි 2019 11:29

    Latest News