මෙම සියවස තුළ සිදුවණ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය හෙට

නොවැ 18, 2021

    පූර්ණ චන්ද්‍රග්‍රහණයකට අතිශය සමීප චන්ද්‍රග්‍රහණයක් හෙට සිදුවීමට නියමිතයි.

    මෙම සියවස තුළ සිදුවණ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය මෙය බව, අමෙරිකාවේ නාසා ආයතනය පවසනවා. ලොව බොහෝ ප්‍රදේශවල ජනතාවට එය දැකගැනීමට හැකිවණු ඇති බවයි, වාර්තා වන්නේ. පැය 3 යි, මිනිත්තු 28 ක් සහ තත්පර 23 ක කාලයක් චන්ද්‍රග්‍රහණය පවතිනු ඇති බවට අනුමාන කර තිබෙනවා. සියවස තුළ දීර්ඝතම චන්ද්‍රග්‍රහණය ලෙස මෙතෙක් සිදුව ඇත්තේ 2018 ජුලි 27 වැනිදා සිදු වූ පූර්ණ චන්ද්‍රග්‍රහණයයි. කෙසේ වුවද, එය පැයයි මිනිත්තු 43 ක කාලයකට සීමා වුණා.

    ග්‍රිනිච් වේලාවෙන් හෙට අලුයම 3.58 ට මෙය සිදුවන බවටයි, ගණන් බලා ඇත්තේ. හෙට සිදුවන චන්ද්‍රග්‍රහණයේදී මෙය 97% ක ප්‍රමාණයකින් සිදුවන නිසා එය පූර්ණ චන්ද්‍රග්‍රහණයකට අතිශය ආසන්න බවටයි, සලකනු ලබන්නේ. උතුරු සහ දකුණු අමෙරිකාව, නැගෙනහිර ඔස්ට්‍රෙිලියාව, ඊසානදිග ආසියාව මෙන්ම අග්නිදිග ආසියාවේ ප්‍රදේශ රැසකට ද මෙය දිස්වනු ඇති. එහෙත් මැදපෙරදිග, අප්‍රිකාව, නැගෙනහිර යුරෝපය සහ මධ්‍යම ආසියාවේ ජනතාවට මෙය නොපෙනෙනු ඇති බවයි, විද්‍යඥයන් පවසන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 නොවැම්බර් 2021 19:41

    Latest News