වසර 10කට පසු රතුදත්ත පොත සකසා අවසන්

අගෝ 31, 2021

    ශ්‍රී ලංකාවේ වඳවී යන සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතුන් හා ශාඛ සම්බන්ධව වසර පහකට වරක් සකස් කළ යුතු රතු දත්ත පොත වසර 10කට පසුව නව සංස්කරණය සකස් කිරීම මේ වනවිට පරිසර අමාත්‍යාංශය විසින් අවසන් කර තිබේ.

    රතු දත්ත පොත වසර 10ක් තිස්සේ සකස් කර නොමැතිවීම හේතුවෙන් පරිසර අමාත්‍යවරයා ලෙස මින් වසරකට පෙර මහින්ද අමරවීර මහතා වැඩ බාර ගනිද්දී, පළමුවෙන්ම අවධානය යොමු කළ රාජකාරිය වුයේ වසර 10ක් තිස්සේ ඇණ හිට තිබු මෙම රතු දත්ත පොත වහාම සකස් කර අවසන් කරන ලෙසයි.

    ඒ අනුව පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ඒකකය විසින් රතු දත්ත පොත සකස් කිරීම මේ වනවිට අවසන් කර තිබේ.

    සාමාන්‍යයෙන් රතු දත්ත පොත වර්ගිකරණය කොටස් 09කි.

    වඳ වී ගිය - Extinct (EX, 2 පරම්පරා ගත ගහනයෙන් තොර වූ - Extinct in the Wild (EW), 3 වඳවී යාමේ උග්‍ර තර්ජනයට ලක්වූ - Critically Endangered (CR), 4 වඳ වී යාමේ ඉහළ අවධානමක් ඇති - Endangered (EN), 5 අනතුරට ලක්විය හැකි - Vulnerable Species (VU), 6 අවදානම හමුවේ ඇති - Near Threatened (NT), 7 අවම අවදානමේ ඇති - Least Concern (LC), 8 දත්ත ඌණතා සහිත - Data Deficient (DD), 9 වර්ගීකරණයට ලක් නොකළ - වශයෙනි.

    ශ්‍රී ලංකාවේ රතුදත්ත පොතක් අවසන් වරට සකසා තිබෙන්නේ 2012 වර්ෂයේ දීය. ඉන්පසු එම පොත සකස් කරන්නේ වසර 10කට පසුව වීම විශේෂත්වයකි.

    රතු දත්ත පොත නව සංස්කරණය එළි දැක්වීම ලබන සිකුරාදා ( 03) දින පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට යෝජිතය.

    Latest News