පමාවී හිරු පායන ගමට යහපාලනයෙන් පාලමක්

පෙබ 03, 2019

    පමාවි හිරුපායන බවට ප්‍රකට බදුල්ල දිස්ත්‍රික්කයේ, පස්සර, කොහොනාවල අති දුෂ්කර ගම්මානයකි.

    1818 කැරැල්ලේදී සුදුපාලක අණසක මත ඌව වැසියන් ඝාතනය කරද්දී පාලගොස් සැගවුනු මිනිසුන්ගේ පරම්පරාවෙන් පැවත එන පවුල් 40 ක් මෙහි වෙසෙති.

    අඩි දහස් ගණනක ප්‍රපාතයක පිහිටි මෙම ගම්මානයේ දරුවන් පාසැල් යාම සදහා දිනකට කි. මි .14 ක් පාගමනේ යෙදේ. තම ගොවිනිෂ්පාදන වෙළද පොලට රැගෙන යාම තවලම් ගොනුන් යොදවා සිදුකරති. මේ ගමනට පවා විශාල බාධාවක් වූයේ ලොග්ගල්ඔය තරණය කිරිමයි.

    ජනය වැසිදාට ජලයට බැස ගමන් කිරිමට නොහැකි බැවින් පාසැල් දරුවන්ගේ පාසැල් ගමන මෙන්ම පොළට ගොවි නිෂ්පාදන රැගෙන යාම ද නතරවේ. ගම්වැසියන්ගේ දුෂ්කරතා ජාතික රූපවාහිනී පුවත් මගින් කීප වතාවක් හෙලිකිරිමෙන් පසු විදුලිය ලබාදීමට පියවර ගත්තත් ලොග්ගල්ඔය මතින් පාලමක් ඉදිකිරීම සිහිනයක් බවට පත්විය. එම සිහිනිය සැබෑකරමින් රුපියල් - මිලියන 40 ක මුදලින් පාලමක් ඉදිකෙරිණ.

    ග්‍රාමීය පාලම් වැඩසටහන යටතේ හා ඌව පළාත් සභාව හා පලාත් පාලන අමාත්‍යාංශය ඊට අරමුදල් සැපයිය. පාලම විවෘත කිරීම ඌව ප්‍රධාන ඇමති චාමර සම්පත් දසනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

    පාලමක් හැදුවත් මාර්ගය සංවර්ධනය වී නොමැත. එය සංවර්ධනය කර කොන්ක්‍රීට් හෝ කාපට් අතුරා දෙන ලෙසට ගම්වැසියෝ ඉල්ලා සිටිති

    Latest News