Wi-Fi වලින් විදුලිය

ජන 31, 2019

    විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් Wi-Fi සංඥා විද්‍යුතය බවට හැරවිය හැකි උපරකණයක් නිපදවයි.

    සුහුරු දුරකතන (smart phones), ලැප්ටොප් පරිගණක, සහ අනෙකුත් උපාංග බැටරි නොමැතිව ක්‍රියාකිරීමක් උපකල්පනය කළ හැකි ද? අමෙරිකාවේ MIT ආයතනය හා ස්පාඤ්ඤයේ මැඩ්‍රිඩ් තාක්ෂණ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් එක්ව එම සිහිනය සැබෑ කිරීමේ උපකරණයක් නිපදවා ඇත.

    Wireless7

    අප ජීවත්වන මේ තොරතුරු සන්නිවේදන යුගයේ අධි තාක්ෂණික මෙවලම් අත්‍යවශ්‍ය සාධකයකි. ජංගම දුරකතන, ලැප්ටොප්, ටැබ්ලට් ආදී විවධ වූ උපාංග එ් සඳහා උපයෝගි කර ගනී.

    විද්‍යුත් ශක්තිය එම මෙවලම්වල පැවැත්ම හා වැඩිදියුණු කිරීමට අත්‍යවශ්‍ය වේ. සූර්යයා අපගේ සාදාකාලික ශක්ති සැපයුම ලෙස සලකන අතර විද්‍යඥයින්, පර්යේෂකයන්ගේ ඉතා වේගයෙන් නැඹුරුවෙමින් පවතින්නේ මෙම සූර්ය ශක්තිය වෙනත් ශක්තීන් බවට ඍජුවම පරිවර්තනය කර ගැනීමටයි. සූර්ය කෝෂ ඒ සිද්ධාන්තය පදනමින් නිපදවූ ශක්ති පරිවර්තකයකි. ඒ අනුව කලක සිට පවතින සිද්ධාන්තයක් වන්නේ ආලෝකය මෙන්ම අනෙකුත් විද්‍යුත් චුම්බක තරංගද විදුලිය ලබා ගැනීම සඳහා භාවිතට ගැනීමයි.

    එ් ආකාරයේ පරීක්ෂණ දීර්ඝ කාලයක්, ලොව සෑම පර්යේෂණ කණ්ඩායම් විසින්ම සිදුකරනු ලබයි. Wi-Fi සංඥා විද්‍යුතය බවට පත් කළ හැකි මෙම උපකරණය අමෙරිකා හා ස්පාඤ්ඤයේ විද්‍යාඥයින් කණ්ඩායමක් හඳුන්වා දී තිබෙන්නේ එම පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙසනි.

    Wireless6

    මෙය ඉතා සියුම් හා නම්‍යශීලී විද්‍යුත්චුම්භක තරංග විදුලිය බවට හැරවිය හැකි ඇන්ටනාවකි. මෙම ඇන්ටනාව නිර්මණය කර ඇත්තේ නවීනතම ද්විමාන උදුකුරුවක් (rectifier) හෙවත් ඍජුකාරකයක් මගිනි. මොලිබ්ඩනම් ඩිසුල්‍ෆයිඩ් (molybdenum disulphide (MoS2)) ලෙස හඳුන්වන මෙය, සාමාන්‍ය ව්‍යවහාරයේ දී විචල්‍ය ධාරාවක් සරළ ධාරාවක් බවට හරවන පරිපථයක් වන අතර එහි ඝනකම පරමාණු 3ක පමණ ප්‍රමාණයකි.

    පර්යේෂණයට අනුව Wi-Fi සංඥා ඇතුළු ඕනෑම සංඥාවක් ඒ හරහා ගමන් කිරීමේදී ඒවා විද්‍යුත් සරළ ධාරාවක් (DC - Direct Current) බවට පරිවර්තනය වේ. එමගින් පරිපථයක් බලගැන්වීමට හෝ විද්‍යුත් කෝෂයක් ආරෝපණය කර ගත හැක. මෙහි ඇති ඉතා සියුම් බව හා නම්‍යශීලි බව නිසා ගොඩනැගිලි වැනි විශාල පෘෂ්ඨ මත පවා භාවිත කළ හැකිවේ.

    මීට ඉහතදී නිර්මාණය වූ ඍජුකාරකවලට ජංගම දුරකතන හෝ Wi-Fi සංඥා සමග ක්‍රියා කිරීමේ හැකියාවක් නොතිබුණ අතර මෙම MoS2 වර්ගයේ ඍජුකාරකයක් මගින් වඩා වැඩි සංඥා ප්‍රමාණයක් සමග ඉතා වේගවත්ව ක්‍රියාකිරීමේ හැකියාව ඇත. මේ මගින් පර්යේෂණ මට්ටමේ දී Wi-Fi සංඥාමෙන් 40% ක පමණ බලයක් නිපදවිය හැකි බවයි පර්යේෂණ කණ්ඩායම පවසන්නේ.

    Wireless5

    විවිධ හේතු මත ශරීරය තුළ රඳවන, බොහෝ වෛද්‍ය උපකරණ සඳහා විෂ සහිත ලිතියම් බැටරි භාවිත කරයි. මේ නවතම සොයාගැනීමත් සමග ලිතියම් බැටරිවලින් තොරව එම උපකරණවලට බලය සැපයීමේ හැකියාව මෙහි ඇති වඩා වාසිදායකම තත්වයයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 31 ජනවාරි 2019 16:23

    Latest News