යුද්ධයේදී පාදය අහිමිවූ සෙබලකුගෙන් අසරණ කාන්තාවකට නිවසක්

නොවැ 22, 2020

    යුද්ධයේදී පාදය අහිමිවු සෙබලකු විසින් තම ගමේ ගොළු බිහිරි කාන්තාවකට නිවසක් තනාදීමේ පුවතක් ආණමඩුව මහඋස්වැව ආලංකුලම ග්‍රාමයෙන් වාර්ථා වේ.

    ආලංකුලම ග්‍රාමයේ පදිංචි ඩි. එම්. කපුරු මැණිකා (64) මහත්මිය කළ ඉල්ලීමට ප්‍රථිචාර ලෙස සෙබල එස්. එන්. එම්. චමින්ද බණ්ඩාර මහතා හා ඔහුගේ බිරිද වන එන්.කේ.ඒ නිරෝෂා උමයන්ගනී මහත්මිය මෙම සත්කාරය සිදු කර ඇත.

    newhome_px_900_20_11_22.jpg

    එස්. එන්. එම්. චමින්ද බණ්ඩාර මහතා ගජබා රෙජිමේන්තුව 14 බළ ඇණියේ සේවය කරමින් සිටියදී වැළිඔය ආන්දම්කුලම ප්‍රදේශයේදී 2008 වර්ෂයේ 07 මාසයේ 17 වන දින තම දකුණු පාදය අහිමි වී ඇත. ඔහුගේ බිරිද වන එන්.කේ.ඒ නිරෝෂා උමයන්ගනී මහත්මිය ආණමඩුව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියකි.

    කඩා වැටීමට ආසන්නව තිබූ කපුරු මැණිකේ මහත්මියගේ පැල්පත විටක වන අලි තර්ජනයටත් , අධික වර්ෂා සමයේ ජල ගැලීම්වලින් හානී නිරන්තරවම ලක්ව තිබිණ.

    newhome_01.jpg

    දියණියන් 04 දෙනෙකුගේ පියකු වන චමින්ද බණ්ඩාර මහතා සිය දරුවන් හා ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව තම දැතීන් අත්තිවාරමේ සිට වහලය දක්වා සියළු කටයුතු ඉකුත් මාස තුනක කාලය තුලදී සිදු කිරීම මෙහි ඇති විශේෂත්වයකි. මේ සදහා චමින්ද මහතාට විවිධ අයගේ මුදල් උපකාර ලැබී තිබේ.

    newhome-02.jpg

    newhome-03.jpg

    නිම කළ නිවස ඩි.එම්. කපුරු මැණිකා මහත්මියට 21 දා දහවල් භාර දෙන ලදී.

    newhome-04.jpg

     

    Latest News