ඉබෝලාවට සමාන මාරාන්තික වෛරසයක් - බොලිවියාවෙන්

නොවැ 19, 2020

    මිනිසුන් අතර ව්‍යාප්ත විය හැකි “චැපර්“ නමැති තවත් භයානක වෛරසයක් බොලිවියාවෙන් හඳුනාගෙන තිබේ.

    මෙම නව වෛරසයේ බලපෑමෙන් පුද්ගලයින් මියයාමේ දැඩි අවදානමක් පවතින බව අමෙරිකානු රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය අනතුරු අඟවයි.

    2014 – 2016 කාලසීමාවේදී අප්‍රිකාවට දැඩි බලපෑමක් එල්ල කළ ඉබෝලා වෛරසයට බොහෝ සමානකම් මෙම අලුත් වෛරසය තුළ පවතී.

    බොලිවියාවේ ලාපාස්හි සෞඛ්‍ය සේවකයින් දෙදෙනෙකුට වැළඳී තිබියදී මෙම වෛරසය හඳුනාගෙන ඇත.

    අදාළ සෞඛ්‍ය සේවකයින් දෙදෙනා ශ්වන අපහසුතාව මෙන්ම අධික උණ රෝගයෙන් පෙලීම නිසා ඔවුන් ඩෙංගු වෛරසයට ගොදුරුව ඇති බවට වෛද්‍යවරුන් පළමුව සැක පලකර ඇති අතර පසුව සිදුකළ ඔවුන්ගේ ජෛව සාම්පල අධ්‍යයනයේදී මෙය නව වෛරසයක් බවත් පුද්ගලයින් අතර ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බවත් අනාවරණවී තිබේ.

    මීයන් වැනි සතුන්ගෙන් ව්‍යාප්ත වන බවට විශ්වාස කෙරෙන මෙම වෛරසය 2004 වසරේදී ද බොලිවියාවේ චපාරේ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙන අතර ඉන් පුද්ගලයින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    Latest News