ලුණු වතුරට විසදුම් ගෙනෙන ජල ව්‍යාපෘතිය

ඔක් 22, 2018

    වාතලයෙන් හමන අශ්වාසයට අවැසි ඔක්‌සිජන් වායුවත් පිපාසය සන්සිඳුවන දිය බිඳුවත් මිනිසාගේ පණනල රැක දීමට අත්‍යවශ්‍ය අංගයන්ය. එනයින් යෝජිත අලුත්ගම, මතුගම, අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතිය පානීය ජල අවශ්‍යතාවය සංසිඳුවාලමින් ප්‍රදේශයේ ජනතාවට ගෙන එන්නේ ඉමහත් අස්‌වැසිල්ලකි.

    කළුතර දිස්‌ත්‍රික්‌කයේ ප්‍රදේශ කිහිපයක ජනතාවට දිනෙන් දින උග්‍ර වන ජල අවශ්‍යතාවයට සාර්ථක විසඳුමක්‌ ලබාදීම සඳහාත්, වියළි කාලවලදී කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් කළුතර, වස්‌කඩුව, වාද්දුව, බේරුවල, අලුත්ගම හා තදාසන්න ප්‍රදේශවලට සපයනු ලබන පානීය ජලයට ලවණ මිශ්‍ර වීම වැළැක්‌වීමටත් සාර්ථක පිළියමක්‌ ලෙස, (ප්‍රමාණාත්මක සහ ප්‍රමිතියෙන් යුතු විකල්ප ජල මූලාශ්‍රයක්‌ ලෙස කුඩා ගඟින් ජලය රැගෙන එමින්) පිරිපහදුකොට බෙදාහැරීමත් මෙම අළුත්ගම, මතුගම, අගලවත්ත ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේය.

    මෙම ජල සම්පාදන ව්‍යාපෘතිය ඉන්දීය එක්‌සිම් බැංකුවේ සහ ලංකා බැංකුවේ පිළිවෙලින් ශ්‍රී ලංකා රුපියල් මිලියන 24,285 ක සහ ශ්‍රී ලංකා රුපියල් මිලියන 4,286 ක මූල්‍ය ආධාර සහ ශ්‍රී ලංකා ජනරජයේ රුපියල් මිලියන 3,707 දායකත්වයෙන් (මුළු ආයෝජනය රුපියල් මිලියන 32,278) මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. 2017 මැයි මස සිට සැලසුම් හා ක්‍රම සම්පාදන කටයුතු ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය වසර 2020 මැයි මාසය වන විට නිම කිරීමට නියමිතව ඇත.

    lunu2එමගින් කළුතර, බේරුවල, දොඩන්ගොඩ, මතුගම, අගලවත්ත සහ මදුරාවල යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශ සහ තදාසන්න ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ප්‍රතිලාභ හිමිවන අතර වසර ගණනාවක්‌ පානීය ජල පහසුකම් නොලද ජනතාවකට මෙමගින් විශාල සහනයක්‌ හිමිවේ.

    කෙත්හේන ජල තුළුමුවට ලවණ ජලය මුසු වීමට පිලියමක්‌ ලෙස මෙම ව්‍යාපෘතිය මගින් ඉදිකිරීමට යෝජිත ප්‍රධාන සංරචකයන් වශයෙන් නාහල්ල කොලේමෝදර කුඩා ගඟ ආශ්‍රිතව ධාරිතාවය දිනකට ඝන මීටර් 78,000 ක නව ජල තුළුමුවක්‌ ඉදිකිරීම, වරකාගොඩ, කොලේමෝදර සිට කෙත්හේන පිරිපහදු පරිශ්‍රය දක්‌වා දිගින් කි. මී. 75 ක්‌ වන මි. මී. 800 විශ්කම්භය සහිත ජල සම්ප්‍රේෂණ නළ පද්ධතියක්‌ එළීමත් සිදු කෙරේ.

    lunu2කළුතර, බේරුවල, මතුගම, දොඩන්ගෙඩ, අගලවත්ත, මදුරාවල යන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාශවල ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමටත්, ව්‍යාපාරික සහ කර්මාන්ත ආශ්‍රිත ජල අවශ්‍යතා ඉටුකරලීමටත් ධාරිතාවය දිනකට ඝන මීටර් 13,500 ක නව ජල පිරිපහදුවක්‌, කෙත්හේන පරිශ්‍රයට එක්‌කිරීම තුළින්, දිනකට ඝන මීටර් 74,000 ක්‌ දක්‌වා පිරිපහදු කළහැකි පරිදි දැනට පවතින ජල පිරිපහදුව නවීකරණය කොට ප්‍රතිසංස්‌කරණය කිරීමත්, ව්‍යාපෘතිය තුළින් කෙරෙන කාර්යයන් අතර ප්‍රධාන වේ.

    මතුගම සහ දොඩන්ගොඩ යන ප්‍රදේශවල ධාරිතාවය පිළිවෙලින් ඝන මිටර් 2000, 1500 වන රැස්‌ කිරීමේ ජලාශ දෙකක්‌ ඉදිකිරීම, නෑබඩ, අගලවත්ත සහ මතුගම කන්ද යන ප්‍රදේශවල පිළිවෙලින් ධාරිතාවය ඝන මීටර් 600, 600 සහ 225 වන ජල ස්‌ථම්භ තුනක්‌ ඉදිකිරීම යෝජිත ඉදිකිරීම්වලට ඇතුළත්ය.

    මදුරාවල, වරකාගොඩ, නාහල්ල, නෑබඩ, මතුගම, අගලවත්ත බෙදාහැරීමේ ජල නළ පද්ධතිය දිගින් 110 නප ක්‌ ද, දොඩන්ගොඩ, නෑබඩ, කළුතර, වස්‌කඩුව, වාද්දුව, පයාගල, මග්ගොන බෙදාහැරීමේ ජල නළ පද්ධතිය දිගින් 100 නප ක්‌ ද, බේරුවල, අලුත්ගම, දර්ගා ටවුන් බෙදාහැරීමේ ජල නළ පද්ධතිය දිගින් 50 නප ක්‌ ද වේ. සාරාංශ වශයෙන් ඉහත විස්‌තර කළ පරිදි දිගින් කිලෝ මීටර් 58 ක්‌ පමණ වන විෂ්කම්භය මිලි මීටර් 300 සිට 800 දක්‌වා වෙනස්‌ වන Dෂ සහ ඡෑ ජල නළ වලින් සමන්විත ප්‍රධාන සම්ප්‍රේෂණ ජල නළ පද්ධතියක්‌ සහ දිගින් කිලෝ මීටර් 260 ක්‌ පමණ වන විෂ්කම්භය මිලි මීටර් 90 සිට මිලි මීටර් 300 දක්‌වා වෙනස්‌ වන බෙදාහැරීමේ ජල නළ පද්ධතියක්‌ ස්‌ථාපනය කිරීම ප්‍රධාන සංරචකයන්ය.

    ඊට අමතරව දැනට පවතින ජල සම්පාදන මණ්‌ඩලයේ කළුතර කළමනාකාර බල ප්‍රදේශයේ ක්‍රියාත්මක හා නඩත්තු අංශය වඩාත් කාර්යක්‌ෂමව පවත්වා ගෙන යැම සඳහා නව පොම්පාගාර, කාර්යාල ගොඩනැඟිලි, නිලධාරී සහ සේවක නිල නිවාස ඉදිකිරීම සහ ස්‌වයංක්‍රීය දත්ත පාලක පද්ධතියක්‌ ස්‌ථාපනය කිරීමද මෙම ව්‍යාපෘතියට ඇතුළත් වේ.

    පවසට ලැබෙන දිය බිඳුව ජීවිතයක්‌ සදා රැකදෙන ඉමහත් පුණ්‍ය කර්මයක්‌ද වන්නේය. නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශය යටතේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය මගින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු වනුයේ සී/ස අයන් එක්‌ස්‌ෙච්න්- (ඉන්දියාව) සමාගම වන අතර ප්‍රධාන උප කොන්ත්‍රාත්කරු වනුයේ සී/ස කේ. ඩී. ඒ. වීරසිංහ සහ සමාගමය.

    lunu3ග්‍රාම නිලධාරී කොට්‌ඨාශ 269 ක වෙසෙන ජනතාවට නව ජල සම්බන්ධතා 32,000 ක්‌ ලබාදීමෙන් අඛණ්‌ඩව ජල සැපයුමක්‌ සහ විධිමත් සේවාවක්‌ තුළින්, සේවා තත්ත්වයන් ඉහළ නැංවීමත් කළුතර දිස්‌ත්‍රික්‌ ජනතාවට මුහුණ පෑමට සිදුවී ඇති ලුණු මිශ්‍ර වතුර ගැටලුවලට විසඳුමක්‌ ලබාදීමත් තුළින් 573,000 ක පමණ ජනතාවට මෙම ව්‍යාපෘතිය තුළින් ප්‍රතිලාභ හිමිවේ.

    මෙම ව්‍යාපෘතිය 2018 ඔක්‌තෝබර් මස 22 වන දින නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රවුµa හකීම් මැතිතුමාගේ ප්‍රධානතත්වයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මැතිතුමා, වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා, නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන මැතිතුමා, විදුලිබල හා පුනර්ජනනීය බලශක්‌ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මැතිතුමා, තිරසර සංවර්ධන, වනජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය පාලිත කුමාර තෙවරප්පෙරුම මැතිතුමා, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‌ෂ්මන් විඡේමාන්න මැතිතුමා ඇතුළු පාර්ලිමේන්තු, පළාත් සභා මැති ඇමැතිවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයන් සම්භාවනීය අමුත්තන්ගේ හා පොදුජන සහභාගිත්වයෙන් ප්‍රදේශයේ සියලුම මැති ඇමැතිවරු, පළාත් පාලන ආයතන නියෝජිතයන් සහ මහජනතාවගේ සහභාගිත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතය. ව්‍යාපෘතියේ සියලුම වැඩ කටයුතු වර්ෂ 2020 අවසන් වන විට සාර්ථකව නිම කිරීමට සැලසුම් කර ඇත.

    තවද මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමෙහි ලා මාර්ග සංවර්ධන අධිකාරිය, බස්‌නාහිර පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ලංකා විදුලිබල මණ්‌ඩලය, ව්‍යාපෘති ප්‍රදේශයේ පිහිටි නගර සභා, ප්‍රාදේශීය සභා ආදී ආයතනවලින් ලැබෙනුයේ මහඟු සහයෝගයකි.

    දිවයින

    Latest News