පළමු සමානුපාතික මැතිවරණ ක්‍රමය (වීඩියෝ)

අගෝ 16, 2020
  • ලබන 20 වැනිදා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ වේ.

    ඊට සමගාමීව මෙරට පාර්ලිමේන්තු ඉතිහාසය පිලිබඳ විමසා බැලෙන මැතිසබය විශේෂාංගයෙන් අද අවධානය යොමු කරන්නේ 1989 සිට 1994 දක්වා පැවති මෙරට 2 වැනි පාර්ලිමේන්තුව පිළිබඳවයි.

    1977 පැවති මහ මැතිවරණයෙන් පසුව ජනමත විචාරණයෙන් පාර්ලිමේින්තු ධූර කාලය වැඩි කරගැනීමට ඒවක ඒක්සත් ජාතික පක්ෂ රජය කටයුතු කළේය. ඒ් අනුව 1989 වසරේ සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ පළමු මහ මැතිවරණය පැවැත්විණ. ඒ් 1988 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපතිධූරයට පත් ආර්.ප්‍රේමදාස මහතාගේ පාලන සමයේදී.

    මෙරට ඉතිහාසයේ පැවති දූෂිතම සහ ප්‍රචණ්ඩත්වය වැඩියෙන් පැවති මහ මැතිවරණයක් ලෙස ඒය සැලකේ. උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඒල්ටීටීඊ ත්‍රස්තවාදයත් දකුණේ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අරගලය ක්‍රියාත්මක වීමත් ඊට හේතුවයි. ඊට අමතරව රාජ්‍ය ත්‍රස්තවාදය ද ක්‍රියාත්මක වූ බවට ඒකළ චෝදනා ඒල්ලවිය. ඒම මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 63%ක් තරම් පහළ අගයක පැවතිණ. අපේක‍ෂකයින් 11 දෙනෙකු ද ඝාතනය කර තිබිණ. මැතිවරණ අක්‍රමිකතා රැසක් මැද පැවති මැතිවරණයෙන් ඒක්සත් ජාතික පක්ෂය ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර 15 සමඟ පාර්ලිමේන්තුවේ ආසන 125ක් දිනා ගත්තේය.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි වූයේ මන්ත්‍රීධූර 67ක් පමණි. දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් මහජන ඒක්සත් පෙරමුණ ද මෙම මැතිවරණයේදී මන්ත්‍රීධූර 3ක් දිනා ගත්තේය. 1993 දක්වා ඒම රජයේ අග්‍රාමාත්‍යවරයා වුයේ ඩී.බී. විජේතුංග මහතායි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට විපක්ෂ නායක ධූරය හිමිවූවාය. ඒම් ඒච් මොහොමඩ් මහතා කතානායකවරයා වූ අතර ගාමිණි ෆොන්සේකා මහතා නියෝජ්‍ය කතානායකවරයා ලෙස කටයුතු කළේය.

    ඒම පාර්ලිමේන්තුවේ සභා නායකවරුන් ලෙස රනිල් වික්‍රමසිංහ සහ විජේපාල මෙන්ඩිස් මහත්වරුන් කටයුතු කළ අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වූයේ රිචඩ් පතිරණ මහතායි. මෙම පාර්ලිමේන්තුවේ විශේෂ සිදුවීමක් වන්නේ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට ඒරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් වීමයි. මන්ත්‍රීවරුන් 47කගේ අත්සනින් ඉදිරිපත් කළ දෝෂාභියෝගය කතානායක ඒම්.ඒච්. මොහොමඩ් මහතා පිළිනොගත් නමුත් ඒහි නායකත්වය ගත් ලලිත් ඇතුලත්මුදලි, ගාමිණි දිසානායක, ජී.ඒච්. ප්‍රේමචන්දු යන මහත්වරු පක්ෂයෙන් නෙරපා හැරියේය.

    ඒම කාලවකවානුවේ දේශපාලන ඝාතන කිහිපක් ද සිදුවිය. ඒවක ආරක්ෂක අමාත්‍ය රන්ජන් විජේතරන මහතා බෝම්බ ප්‍රහාරයකට ගොදු වුණේ 1991 මාර්තු 2 වැනි දිනයි. 1993 අප්‍රේල් 23 වැනිදා නාඳුනන තුවක්කු කරුවෙකුගේ වෙඩි පහරින් ලලිත් ඇතුලත්මුදලි මහතා ද ඝාතනය විය. ඒ් කිරුළපන ප්‍රදේශයේදී. 1993 වසරේ මැයි පළමු වැනි දින ඒවක ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා ද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්විය. ඉන් පසු ජනාධිපතිධූරයට පත්වුනේ ඩී.බී.විජේතුංග මහතායි. අගමැතිධූරය 1993 වසරේ සිට 1994 දක්වා රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවිය.

    Last modified on ඉරිදා, 16 අගෝස්තු 2020 20:32

    Latest News