අටමහා කුසල් කරන අමෙරිකානුවා

අගෝ 03, 2020

    අටමහා කුසල් සිදුකරන අමෙරිකන් ජාතිකයෙකු පිළිබද පුවතක් අපිට වාර්තා උනා.

    බෲස් ඇලන් මහතා හෙවත් ධර්මදාස මහතා ලෙස ප්‍රකට ඔහු ඇමෙරිකාවේ ඉන්දියානා ප්‍රාන්තයේ බෞද්ධ විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම පින්කම් සිදු කරනවා.

    Indiana-01.jpg

    දහහත් වසරකට පෙර, විහාරාධිපති තලන්ගම දේවානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද විහාරස්ථානය විවිධ බැතිමතුන්ගේ ආධාර හා සහාභගිත්වයෙන් විශාල දියුණුවකට පත්වෙමින් පවතිනවා. මෙම ආරාමයට ශ්‍රි ලාංකිකයන් පමණක් නොව ඇමෙරිකන්, බුරුම, තායි, ඉන්දුනීසියන්, වියට්නාම්, ලාවෝස, ඉන්දියන්, කාම්බොජ, පිලිපීන, මැක්සිකන් හා අරාබි ජාතිකයන් රැසක් ද බුදුදහමෙන් මානසික සුවය ලබාගැනීම සඳහා දිනපතාම පැමිණෙනවා.

    ඒ ආකාරයෙන් ආධ්‍යාත්මික සැනසීම සොයා ආ ඇමෙරිකානු ජාතික මහත්මයකු ලෙස බෲස් ඇලන් මහතා හැදින්වීමට පුලුවන්. එතුමා ඉතාම සද්ධාවන්ත, ගුණගරුක, පරිත්‍යාගශීලි , පරිසරයට, සතා සිව්පාවුන්ට, ආදරය කරන කෘෂිකර්මය පිලිබඳව විශ්වවිද්‍යාලයෙහි උපාධිය ලත් කෙනෙක්. ඔහු උතුම් අටමහා කුසලයක් පසුගියදා සිදුකිරීමට දායක උනා. ඒ, ඉන්දියානා විහාරස්ථානයට යාබදව පැවැති අක්කර දෙකක් පමණ වනඉඩම තම ධනයෙන් මිලදී ගෙන සතර දිගින් වඩින මහා සංඝයාගේ පරිහරණය සඳහා භාවනා කුටි සෑදීමට සඟසතු කොට පුජා කළා.

    Indiana-02.jpg

    මේ බුදු දහමේ උගන්වන අට මහා කුසල්වලින් එකක් බව අන්ගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සඳහන් වෙනවා. එහි භාවනානුයෝගීන් සඳහා භාවනා කුටි 6ක් සෑදීමට බලාපෝරොත්තු වෙන බව වාර්තා වෙනවා. ඉන්දියානා බෞද්ධ විහාරස්ථානයේ සෑම ජාතික, ආගමික ඇතුළු සියලුම කටයුතු සඳහා නොමද ධනය පරිත්‍යාග කරන කෙනෙකු ලෙස බෘස් ඇලන් මහතා සැලකෙනවා. එසේම ඔහු ශ්‍රී ලංකාවේ සංස්කෘතියට හා ඉතිහාසයට ද හරිම ආදරය කරන අයෙක්. එතුමා වල්පොල රාහුල හිමියන් විසින් ලංකා ඉතිහාසය පිලිබඳව ලියන ලද පොත් අධ්‍යයනය කර තමා ඊලග ආත්මයෙහි ලංකාවේ ඉපදීමට පතන බව නිතරම ප්‍රකාශ කරන බව ද අපට අහන්න ලැබුනා. මේ නිසාම මොහු එක් වරක් ඇමෙරිකාවේ සිට තම හිත මිත්‍ර ඇමෙරිකානු ජාතික උපාසිකාවක සමග අලි ඇදුමක් සකස් කර ලංකාවට ගොස් කෝට්ටේ දලදා පෙරහැරේ ගමන් කරන අලි ඇතුන්ට පැලඳවීමට ගරු කෝට්ටේ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති අලුත් නුවර අනුරුද්ධ නාහිමියන්ට පූජා කිරීමට ද කටයුතු කළා. මීට අමතරව ලංකාවේ දුප්පත් දරුවන්ට පාසැල් උපකරණ පරිත්‍යග කිරිම, වෙහෙර විහාරස්ථාන සංවර්ධනය, ධනය පරිත්‍යාග කිරිම ද මෙතුමා සෑම වසරකම ගරු තලන්ගම දේවානන්ද හිමියන්ගේ උපදෙස්වලට අනුව සිදුකරනවා.

    Latest News