මෙරට කෙරෝනා වැළඳුණු ගර්භණී මවකට පළමුවර කරන ලද සිසේරියන් සැත්කම සාර්ථකයි

අගෝ 01, 2020

    ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගය වැළදුණු ගර්භණී මවකට පළමුවරට කරන ලද සිසේරියන් සැත්කම ඊයේ සාර්ථකව සිදු කර තිබේ.

    ඒ නැගෙනහිර කොළඹ මූලික රෝහලේදී. සැත්කම සිදු කරනු ලැබුවේ, ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍ය මයුරමාන දෙවොලගේ මහතා විසින්. මව නිරෝධායන මධ්‍යස්ථානයක සිටියදී කොවිඩ් 19 රෝගය වැළඳීම නිසා ප්‍රතිකාර සඳහා නැගෙනහිර කොළඹ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

    දරුවා සහ මව යහපත් සෞඛ්‍ය තත්වයේන පසුවන බවයි, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ. දරුවා පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එහි වාර්තා අද දිනයේ පැමිණීමට නියමිතයි.

    Last modified on සෙනසුරාදා, 01 අගෝස්තු 2020 12:40

    Latest News