ධාන්‍ය පෙඟවීමට නව යන්ත්‍රයක් හැදූ අපේ මිනිසා

ජන 02, 2019

    ධාන්‍ය වර්ග තැම්බිමට පැය 16ක් පමණ ජලයේ පෙඟවීම කින් තොරව විනාඩි 20ක දී ධාන්‍ය වර්ග පොගවා ගැනීමේ උපකරණයක් නිපදවීමට සඳහා නව නිර්මාණකරුවෙකු වන ගල්කිරියාගම ප්‍රදේශයේ පදිංචි වයි .එල් . චන්දන සේනානායක මහතා සමත්ව සිටී. 

    ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වූ චන්දන සේනානායක මහතා මීට පෙර ද නව නිපැයුම් රැසක් දායාද කළ රජරට නව නිපැයුම්කරුවෙකි.
    ඔහු මෙවර ගෘහස්ථව සහ ව්‍යාපාරික ව පාවිච්චි කිරීමට හැකියි ඉතා සරල උපකරණයක් මගින් මෙම ධාන්‍ය වර්ග පෙඟවීමේ උපකරණයක් නිෂ්පාදනය කොට තිබේ.

    චන්දන සේනානායක මහතා කියා සිටින්නේ කඩල, මුංඇට, කව්පි, අටුකොස්, ආදී ඕනෑම වියලි තද ධාන්‍යක් ආහාරයක් බවට සූදානම් කර ගැනීම සඳහා පැය 16 ක පමණ කාලයක් වතුරේ දමා පොගවා ගැනීමට අවශ්‍ය නිසාවෙන් බොහෝ දෙනෙකු ධාන්‍ය ආහාර ගැනීම අඩුවී තිබේ. මේ අනුව විනාඩි 25 කදී ධාන්‍ය වර්ග පොවා ගැනීමට හැකිවන පරිදි ඉතා සරල උපකරණයක් සොයා ගත් බව වයි. එල් . චන්දන සේනානායක පවසයි.

    මෙම උපකරණය ගෘහස්ත සහ ව්‍යාපාරිකව ඕනෑම ප්‍රමාණයකට නිෂ්පාදනය කිරීමට හැකි ඇති බව ඔහු පෙන්වා දෙන අතර නව නිපැයුම්කරුවන්ට දිරිය ලබා දෙන්නේ නම් මීට වඩා ශක්තිමත්ව නිර්මාණ සොයාගැනීම් සිදුකල හැකි බව ඔහු පවසයි.

    මෙම උපකරණය රුපියල් 2500 ක පමණ මුදලකට අලවි කළ හැකි බවත් සඳහන් කළේය. එමගින් නිවසක ධාන්‍ය වර්ග තම්බා ගැනීම සඳහා වැයවෙන අති විශාල කාලය ඉතිරි වෙන බවත් ඒ සඳහා බොහෝදෙනෙකු ආප්ප සෝඩා වැනි ද්‍රව්‍ය යොදා ගැනීමට දරන උත්සාහය නවතා ගත හැකියාව පවති. විනාඩි 20ත් 25ත් අතර කාලයක් තුලදී මෙම උපකරණය මගින් කිසිදු වියදමකින් තොරව සිදුකිරීම හැකි බව හෙතෙම කියයි.

    මෙම නව උපකරණ සඳහා කිසිදු වියදමකින් තොරව උණු වතුර හෝ ඇල් වතුර භාවිතයෙන් තමන්ට කැමැති ආකාරයෙන් විනාඩි 20 කදී කිසිදු වැය වීමකින් තොරව සිදු කළ හැකිවේ. නව නිර්මාණ ශිල්පී චන්දන සේනානායක මහතා ගල්ගොඩවත්ත ගල්කිරියාගම යන ලිපිනයේ පදිංචිව සිටින අයෙකි. මෙම නව නිපැයුම සඳහා ඔහුට අතහිත දෙන්නේ නම් දිවයිනේ සෑම නිවසකටම අත්‍යාවශ්‍ය උපකරණයක් ලෙස නිපදවා එක් උපකරණයක් රුපියල් 2500ක වැනි මුදලකට අලෙවි කළ හැකි බව ඔහු කියා සිටි.

    newmachine1 px 900 19 01 02

    newmachine2 px 900 19 01 02

     

     

     

     

     

     

     

    Last modified on බදාදා, 02 ජනවාරි 2019 14:00

    Latest News