විස්මිත නයින්ආර්ච් සෙල්ෆියෙන් ජිවිත අවධානමක් (විඩියෝ)

දෙසැ 31, 2018
  • උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල හා දෙමෝදර දුම්රියස්ථානයන් අතර ගොටුවල ගම්මානයේ ඇති නයින්ආච් හෙවත් ආරුක්කු නමයේ පාලම ලොව විස්මිත නිර්මාණයක් සේ සැලකේ.

    අඩි 99 යි අගල් 6ක් උසැති මේ පාලම හීලෑ ඇතුන්ගෙන් ඔසාව ගෙනෙන ලද හතරැස් ගල්වලින් පමනක් නිර්මානය කර තිබේ. මේ ලෝපුරා සංචාරකයන්ගේ මෙන්ම දේශීය සංචාරකයන්ගේද ආකර්ශනය දිනාගත් සුවිශේෂි නිර්මාණය යකි මේ නිසා දහස් ගනනින් සංචාරකයෝ පැමිණෙති.

    පාලම කිට්ටුවට යාහැකි මාර්ග දෙකකි එකක් අමිලගම - ගොටුවල මාර්ගයයි අනෙක් ඇල්ල - නමුනුකුල මාර්ගයේ කි.මී. එකහමාරක් පමණ ගියවිට හමුවන කුඩා සිමෙන්ති මාර්ගයයි.

    ගොටුවල මාර්ගය බෙහෙවින්ම අබලන් ඇති නිසාත් වාහන දෙකක් මාරුවීමට නොහැකි නිසාත් පාලම අසලටම වාහන ධාවනය කළ හැකි අයුරින් සකස් කිරීමට හැකියාව තිබියදි එසේ නොකිරීම නිසාත් සංචාකරයෝ දුෂ්කර තාවයකට පත්ව සිටිති. මාර්ගයේ වඩාත් අබලන් කොටසක් කි. මි. එකහමාරිකි. ත්‍රීරෝද රථවලින් පමණක් පාලම අසානන්යට යාහැකි වුවත් ඒ දුරයාම සදහා පමණක් රුපියල් 600 ක් අය කරති.

    ඇල්ල- නමුනුකුල මාර්ගයෙන් පිවිසෙන අනෙක් මාර්ගයේ ගමන්කල හැක්කේ ත්‍රිරෝද රථ වලට පමණකි. එතැන්සිට දැඩි ප්‍රපාතයට බැසීමට සිදුව ඇති අතර.

    එම මාර්ගයේ පස් තට්ටු සේදීයාම නිසා වැසිදිනයන්හි ගමන් කිරීම වඩාත් දුෂ්කරය. මේ තත්වයන් නිසා සමහරු ඇල්ල දුම්රිය ස්ථානයේ සිට දුම්රිය මාර්ගය දිගේ ගමන් කරති. ඌවේ සංචාරක කර්මාන්ත නංවාලීම සදහා විධිමත් වැඩසටහනක් දියත් කරමින් මෙම අපහසුතාවයන් සදහා විසදුම් දිය යුතු බව සංචාරකයන්ගේ අදහසයි. සංචාරකයන් මෙම පාලම ආශ්‍රිතව හැසිරෙන ආකාරයද අනතුරු දායකයවේ.

    පාලම් මත නැගී ඇතමුන් සෙල්ෆි ගහන අතර තවත් සමහරු නිකරුනේ පාලම මතින් ඇවිදයති. මේ අවධානම අවම කිරිමටද කිසියම් වැඩපිළිවෙලක් සකස් කර යුතුවේ.

    ninearch px 900 18 12 31

    ninearch61 px 900 18 12 31

    ninearch6 px 900 18 12 31

    ninearch1 px 900 18 12 31

    ninearch616 px 900 18 12 31 

     

    Last modified on සදුදා, 31 දෙසැම්බර් 2018 15:23

    Latest News