මේ දරුවට ඔබේ උපකාරය අවශ්‍යයි (විඩියෝ)

දෙසැ 30, 2018
  • තවත් කෙනෙකුගේ ආධාර උපකාරය අවශ්‍ය අසරණවූ පිරිස් කොතරම් නම් සිටිනවද? 

    මේ පුවත ඔබේ උපකාරය අවශ්‍යම එවන් අසරණ දරුවෙකු පිළිබඳවයි.

    මේ දරුවා පිළිබඳ තොරතුරු අනාවරණය වුණේ, අයහපත් කාලගුණයෙන් බලපෑම් එල්ල වූ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තොරතුරු වාර්තා කිරීමට ගිය අප රූපවාහිනී ප්‍රවෘත්ති කණ්ඩායමටයි.

    Kili 02 px 900 18 12 30

     

    මේ කිලිනොච්චිය, රත්නපුරම්හි පදිංචි විභූෂන් මෝගන් රාජ් දරුවායි. වයස අවුරුදු දහයක් වන උපතින්ම ආබාධිත මේ දරුවාට අවශ්‍ය ඖෂධ හෝ පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදීමට දෙමාපියන්ට හැකියාවක් නෑ. විභූෂන්ගේ පියාද රෝගීව සිටින බැවින් මවට ද රැකියාවක් කිරීමේ හැකියාවක් නැහැ.

    “අපිට ආර්ථික ප්‍රශ්න ගොඩක් තියෙනවා. දරුවාගේ තාත්තත් ලොකු අසනීපයකින් ඉන්නේ. යුද හමුදාව තමයි ගංවතුර වෙලාවේ අපිව බේරගත්තේ. මගේ දරුවට ප්‍රතිකාර කරන්න රෝහලට ගෙනියන්නවත් මට හැකියාවක් නෑ.මගේ දරුවට නිදන්න ගෙදර ඇඳක්වත් නැහැ. අනේ මගේ දරුවට පිළිසරණක් වෙන්න කාටහරි පුළුවන් නම් ඒක ලොකු පිනක්“

    Kill 03 px 900 18 12 30

    උපතින් ආබධිත විභූෂන් පුතාට නිදන ඇඳක්, රෝද පුටුවක් මෙන්ම ඖෂධ ලබාදෙනවා කියන්නේ මේ මවට නම් සිහිනයක්. මේ අසරණ මවගේ සංවේදී සිහිනයට පිළිසරණක් වෙන්න ඔබටත් පුළුවන්.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on ඉරිදා, 30 දෙසැම්බර් 2018 20:26

    Latest News