සිරම්බිඅඩියේ නත්තල් (ඡායාරූප)

දෙසැ 29, 2018

    ශ්‍රි ලංකා යුධ හමුදාව - පුත්තලම සිරම්බිඅඩිය කාපීරි ජනතාව වෙනුවෙන් සංවිධානය කරන නත්තල් කැරොල් ප්‍රසංගය 28 දා පුත්තලම ශාන්ත මරියා දේවස්ථානයේදී පැවැත්විණි.

    මෙහිදී ශ්‍රී ලංකා යුධ හමුදාවේ නිළධාරින් ගේ රැගුම්, ගැයුම් වලින් උළෙල වර්ණවත් වූ අතර කපීර් ජනතාව ඔවුගේ රංගනයන් හා ගැයුම් වලින් මෙම කැරොල් ගී ප්‍රසංගයට එක් වුහ.

    මෙම අවස්ථාවට යුධ හමුදාපති ලුතිනල් ජනරාල් මහේෂ් සේනානායක, පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද, පුත්තලම නගරාධිපති කේ. ඒ. බායිස්, ආරක්ෂක සේනා අඥාපති බටහිර මේජ ජනරාල් සත්තප්‍රිය ලියනගේ, පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පති චම්පික සිරිවර්ධන ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුයේය.

    පුත්තලම මීසම් සේවක ගරු කෙනඩි පයස් පියතුමන්ගේ මගපෙන්වී පරිදි 143 වන බළසේනා මූලස්ථානය මෙම නත්තල් කැරොල් ගී ප්‍රසංගය සංවිධානය කර තිබිණ.

    02

    06

    05

    Last modified on සෙනසුරාදා, 29 දෙසැම්බර් 2018 12:10

    Latest News