ආසියාවේ සංචාරක ගමනාන්තය බවට ශ්‍රී ලංකාව පත්වේ

දෙසැ 27, 2018

    ශ්‍රී ලංකාව, 2019 වසරේ ආසියාවේ හොඳම නැගී එන සංචාරක ගමනාන්තය ලෙස අන්තර් ජාතික වශයෙන් සම්මානයට පාත්‍ර වෙයි.

    “ට්‍රැවල් ලෙමින් ඩොට් කොම්“ වෙබ් අඩවිය විසින් ලෝකය පුරා ප්‍රසිද්ධ සංචාරක බලපෑම් කරන්නන්, බ්ලොක්කරුවන්ගෙන් සමන්විත මණ්ඩලයක් හරහා පැවැත්වූ ඡන්ද විමසීමකින් ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට පත්ව තිබේ.

    2019 වසරේ සංචාරය කිරීමට සුදුසුම රටවල් තෝරා ගැනීම සඳහා ලෝකයේ මහද්වීප 6ක් යොදා ගෙන මෙම ඡන්ද විමසීම පැවැත්විණ. මීට පෙර ද ලෝක ප්‍රකට “ලෝන්ලි ප්ලැනට්“ සඟරාව ලෝකය සංචාරය කිරීමට සුදුසුම රටවල් අතරට ශ්‍රී ලංකාව ද හඳුන්වා දෙනු ලැබීය.

    Srilanka px 900 18 12 27

     

    ඒ අතරින් යුරෝපා මහද්වීපයෙන් සංචාරය කිරීමට හොඳම රට ලෙස තේරී ඇත්තේ, සර්බියාවයි. උතුරු අමෙරිකා මහද්වීපයෙන් මෙක්සිකෝවට පළමු ස්ථානය ලැබී තිබේ. අප්‍රිකා මහද්වීපයේ සංචාරය කිරීමට හොඳම රට ලෙස නම් කෙරුණේ, මලාවි රාජ්‍යයයි.

    සංස්කෘතික සහ ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථාන මෙන්ම, වනාන්තර සහ දර්ශනීය වෙරළ තීර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී දැක ගැනීමට හැකිවන බව “ට්‍රැවල් ලෙමින් ඩෙට් කොම්“ වෙබ් අඩවිය සඳහන් කරයි.

    එමෙන්ම යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුම ලෙස නම් කරනු ලැබූ ස්ථාන රැසක් ද ශ්‍රී ලංකාවේ දී දැක ගැනීමට හැකිවන බව, එම වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන් වේ.

    Last modified on සෙනසුරාදා, 29 දෙසැම්බර් 2018 08:19

    Latest News