නත්තලේ නැතුවම බැරි රතිඤ්ඤා

දෙසැ 21, 2018

    රතිඤ්ඤා කියන්නෙ සතුට සමරන බොහෝ අවස්ථාවල නැතුවම බැරි දෙයක් බවට පත්වෙලා.

    පසුගිය දිනවල නම්, දේශපාලන සැමරුම් නිසා රතිඤ්ඤාවලට තිබුණේ ඉහළ ඉල්ලුමක්. උත්සව සමය උදාවී තිබෙන නිසා රතිඤ්ඤා ඇතුළු ගිණිකෙළි කර්මාන්තය පිළිබඳවයි මේ වාර්තාව..

    ගිණිකෙළි කර්මාන්තය සැලකිලිමත්ව සහ ආරක්‍ෂිතව සිදු කළ යුතු දෙයක්. වෙඩි බෙහෙත් සමඟ කටයුතු කරන නිසා, එම ආරක්‍ෂාව වඩාත් තහවුරු කරගත යුතු වෙනවා. එම නිසා ජීවිත අවදානමක් ද ඔවුන් සතුයි. ගම්පහ දිස්ත්‍රික්කයේ කිඹුලාපිටිය, ඉද්දගොඩැල්ල, වල්පොල, කටියල, කොන්දගම්මුල්ල, දාගොන්න, ගල්මංකඩ, වැරැල්ලවත්ත, දම්මින්නගහවත්ත යන ප්‍රදේශවලින් බහුල වශයෙන් රටට අවශ්‍ය ගිණිකෙළි නිෂ්පාදනය කෙරෙනවා. මෙම කර්මාන්තයට අවශ්‍ය වෙඩි බෙහෙත්වල හිඟතාවයක් පවතින බවට පසුගිය දිනවල ප්‍රචාරය කෙරුණා.

    කිඹුලාපිටිය ඇතුළු ප්‍රදේශවල පවුල් දහසකට අධික පිරිසක් ගිනිකෙළි කර්මාන්තයේ නියැලී සිටිනවා. ඒ අතර, මහා පරිමාණ කර්මාන්ත ශාලා සහ ස්වයං රැකියාවක් ලෙස නිවෙස් තුළම ගිණිකෙළි නිෂ්පාදන සිදු කෙරෙනවා. එම ජනතාවගේ එකම ජීවනෝපාය වන්නේ ගිණිකෙළි කර්මාන්තයේ නියැලීමයි. උත්සව සමය උදාවීමත් සමඟ ගිනිකෙළි සඳහා පවතින්නේ ඉහළ ඉල්ලුමක්.

    Last modified on සිකුරාදා, 21 දෙසැම්බර් 2018 09:09

    Latest News